March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්ද ජයසිංහට ‘Buddy’ පැටලිලා මහ විපතක්!

1 min read

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එල්ල වන ‘අසභ්‍ය කරණ’ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිය කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට කරුණු වැරදී ඇති බවට සමාජ ජාලවල වාර්තා පලවේ.

අධ්‍යාපන අසභ්‍යකරණය ආරම්භ වූයේ 2015 වසරේදී බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි විවේචනයක් එල්ල කළද, ඔහු සාක්ෂි ලෙස ඉදිරිපත් කළ කරුණු තාක්ෂණිකව නිවැරදි නොවන බව පෙන්වා දේ.

පාර්ලිමේන්තුව අමතමින් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ 2016 වසරේ මුද්‍රිත 11 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පෙළපොතේ 77 වන පිටුවේ අසභ්‍ය අඩවි වලට මගපාදන ‘Buddy’ නමැති ලින්ක් ඇතුළත් කර ඇති බවයි. උලපනේ සුමංගල හිමියන් මේවා නොදැක හය වසරේ පොත ගැන පමණක් කතා කිරීම හාස්‍යයට කරුණක් බවද ඔහු පැවසීය.

ක්ෂණික පණිවිඩ හුවමාරු මෙවලම් (Instant Messaging Tools) හඳුන්වා දීමේ කොටසක් ලෙස මෙම ලින්ක් එක පෙළපොතට ඇතුළත් කර ඇති අතර, එය සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමේදී භාවිත කරන සාමාන්‍ය මෙවලමකි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ හය වසරේ පෙළපොතේ ඇති ‘බඩියා’ (Buddy) ගැන කතා කරන උලපනේ සුමංගල හිමියන්, 11 වසරේ පොතේ කාලයක සිට පවතින මෙම ‘Buddy’ ලින්ක් එක ගැන නිහඬව සිටින බවයි.

ජනප්‍රිය පුවත්  යටියන්තොට අය වැයත් මාලිමාව පරාදයි!

කෙසේ වෙතත්, අදාළ පෙළපොත පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ එහි සඳහන් වන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන ආකාරයේ අසභ්‍ය වෙබ් අඩවියක් නොව, එකල ලොව පුරා ප්‍රසිද්ධව පැවති ‘e-buddy’ නමැති ක්ෂණික පණිවිඩ හුවමාරු මෘදුකාංගය (Messenger App) පිළිබඳව බවයි.

නමුත් 11 වසරේ ඇත්තේ තාක්ෂණික මෘදුකාංගයක් (e-buddy) මිස, වත්මන් විවාදයට තුඩු දී ඇති කරුණ නොවන බවත් පැහැදිලි වේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x