March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්දානන්ද ට එරෙහි නඩුවේ අද දුන් නියෝගය!

1 min read

කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වන දා දක්වා කල් තැබීමට තීරණය කර ඇත.

අදාළ නඩුව වුයේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවටය.

එම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අද දිනයේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද විනිසුරු බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ අදාළ නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවත්ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  පුරාවිද්‍යා පුවරු ගැලවූ සියල්ලන්ටම ඇප! .

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x