October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

1 min read

ජනපති අනුර කුමාර පසුගිය 3 වැනි දා මහනුවර දී මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේලා විසින් ආණ්ඩුවේ ක්‍රියා කලාපය බලවත් දෝශ දර්ශනයට ලක් කර තිබේ. දරුවන්ගේ අයිතිවාසිකම් සුරකින බව හුවා දක්වමින් ගෙන එන ලද දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන හා සංචාරක ව්‍යාපාරයට අදාළව සුළුතර ලිංගික ප්‍රවණතා (LGBTQI) දිරි ගැන්වීම යනාදිය පදනම් කොටගෙන මෙම දෝශාරෝපණය උන් වහන්සේලා විසින් ජනපතිවරයා හමුවේ ඉදිරිපත් කර තිබේ.

එහිදී, මහනායක හිමිවරු හමුවේ කරුණු පැහැදිලි කළ ජනපතිවරයා පවසා ඇත්තේ, LGBTQI ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු නොකරන බවය. එමෙන්ම, දණ්ඩ නීති සංග්‍රහයට ගෙනැවිත් තිබෙන සංශෝධනද අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් වැලකී සිටිය හැකි බවය.

“මොනව හරි ප්‍රශ්නයක් තිබ්බොත් නිවේදන දාන්න එපා මහනායක හිමියනේ… අපිට ඕන දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන්නෙ” යනුවෙන්ද මෙහිලා ජනාධිපතිවරයා මහනායක හිමිවරු හමුවේ පවසා තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ මහනායක හිමිවරු විසින් එතරම් තැකීමකට ලක් කර නැත. ඒ බව හැඟී ගිය බැවින්, ජනපතිවරයා එම හමුවීමෙන් පසුව පැවැති අනුනායක හිමියන්ට අක්ත පත්‍ර පිළිගැන්වීමේ උත්සවයේ දී අදාළ කරුණු පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. එහෙත්, ඒ කුමක් සිදු කළද මහනායක හිමිවරුන්ගේ ප්‍රතිචාරයෙහි වෙනසක් සිදු වී නොමැති බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

පාරමී ජයශාන්ත

Underground

Share this post with your friends
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x