මනූෂ හෙට අල්ලස් කොමිසමට!
1 min read
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුට ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සිව්දෙනෙකු හිටපු අමාත්‍යවරයාට මෙම ලිපිය භාරදී ඇත්තේ ඔහු ආගමන විගමන අංශය හරහා රට තුළට ඇතුළු වීමටත් පෙර බවත් ආරංචිමාර්ග පැවසීය.