November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මතය වනාහි අදහස, හැඟීම, සිතිවිල්ල හෝ කල්පනාව ය. මත භේදය වන්නේ, මතවල එකඟතාවක් නැති බව ය. මත වරගණ යනු මත් වූ උතුම් කන්තාව ය. අප මේ කතා කරන්නට යන්නේ මේ එක මතයක් ගැනවත් නොවේ. අපේ මාතෘකාව “මතේ මත” ය.

ජනාධිපති අනුර කුමාරයෝ සියළු සටන් පසෙකලා දැන් සටනට පිවිස ඇත්තේ මතෙන් රට බේරා ගැනීමේ සටනට ය. ඒ සඳහා ඔහු පළමුව කළේ “රටට මත” වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම ය. පරීක්ෂා කර බැලීමකින් තොරව රතු ලේබල් අලවන ලද දෙසිය ගණනකුත් සමඟ කන්ටේනර් 323 ක් රට ඇතුලට වද්දා ගත්තේ “රටට මත” වැඩපිළිවෙල සාර්ථක කරනු පිණිස ය. නාවුක හමුදවේ බුද්ධි අංශ දුර්වල කළේ ද ඒ අරමුණ වෙනුවෙන්ම ය. කෙසේ වෙතත්, දැන් “රටට මත” වැඩපිළිවෙල අති සාර්ථක ය.

මහින්ද උඩට ආවේ ත්‍රස්තවාදයට එරෙහි සටනෙන් ය. රනිල් උඩට ආවානම් ආවේ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමේ සටනෙන් ය. අනුර කුමරුන්ට ආර්ථික සටනෙන් රට බේරාගන්නට කරන්නට කිසිවක් ඇත්තේ නැත. තිබෙන්නේ, රනිල් ආ “වැල් පාලමේ” වැනි වැනි ඔහේ යාමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නැලවිලි ගී අසාගෙන කටේ සූප්පුවක් ද ගසාගෙන සුවෙන් සැතපීමට ය.

ජනප්‍රිය පුවත්  හොරා නොකෑ පාර!

එහෙත් අනුර කුමරුන්ට සටනක් නැතිව පවතින්නට ද බැරි ය. “හොරු අල්ලන” සටන ද හිතුව තරම් නැගලා ගියේ ද නැත. ඒ නිසා සටනක් අවුලුවා ගැනීම නොකරම බැරි ය. කන්ටේනර් 323 පරීක්ෂා නොකර රට තුළට වද්දා ගැනීමෙන් අනුර කුමරුන් කළේ සටනට අවශ්‍ය පිටිය සකසා ගැනීම ය. දැන් සටන ඇරඹී තිබේ. ඒ, වෙන මොන සටනවත් නොව විෂ මත පැරදවීමේ සටන ය.

මින් පෙර, අනුර කුමරුවෝ මහපරිමාණ හාල් මෝල් හිමියන් සමඟ ද සටන් වැදුණා හ. දැන් එහි ප්‍රතිඵලයක් ලෙස හාල් මිල රු. 200 ට අඩු ය. මහපරිමාණ හාල් මෝල් හිමියන් සිටින්නේ හද්දා අසරණ වීය. පාතාල අයියලා හා නංගිලා පිටරට සිට කැඳවාගෙන ඒමේ සටන ද අනුර කුමරුවෝ මැනැවින් සිදු කළ හ. ප්‍රභල මාධ්‍ය ආවරණ සහිතව සිදු වූ එම සටනේ නළුවෝ වූයේ පද්මෙලා සහ සෙව්වන්දිලා ය. දැන්, ඒ සටන් සියල්ල ජය ගත් අප අනුර කුමරුවෝ අරඹා ඇත්තේ මත වනසන සටන ය. සියල්ලෝම දැන් ඒ සඳහා “සධුකාරය” දිය යුත්තේ ය.

ජනප්‍රිය පුවත්  ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

මේ ඡායාරූපයේ ඉන්නේ, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සල්ලි සමඟ කිසිදු සම්බන්ධයක් නැති “යූ ටියුබ්” කිරි සප්පයෙකි. ඔහුගේ නම පට්ට “සුදා” ය. සුදා මේ ඉන්නේ, ජනපති අනුර කුමරුන්ගේ මත පරදන සංග්‍රාමය අරඹන ලද මහා ජන මෙහෙයුමේ ය. ඒ, අද (30) පැවැති “මටින් කත” පරදන ජන හමුවේ ය.

සුදා ඇත්තටම මත පරදවන සටනට හරියන්නේ ය. ඔහුගේ යූ ටියුබ් නාලිකාවට දැන්වීම් සැපයූ “නිර්මාණ කාගෝ” හිමිකරු වන “හර්බි” සුදා වගේම කුක්කු බබෙකි. හර්බි රහසින්වත් විෂ මත් ජාලයට සම්බන්ධ නැත. ඔහුට චීනයට හා සිංගප්පූරුවට ඇතුළු වීමට නොහැක්කේ පාතාල සහ විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ උපයන ලද කළු සල්ලි ඇති නිසා යැයි කිසිවකු සිතිය යුතු නැත. “සුදා” වැනි සුදනකු එවැනි කළු සල්ලි ඇතිවුන් සමඟ ගෑවෙන්නේවත් නැත. එලෙස හාදවෙන වුන් අනුර කුමරුන්ට ඇලවෙන්නට කිසිදු ඉඩක් ඇත්තේ ද නැත. ඉතින්, අප මහා යූ ටියුබානෝ මෙලෙස අසුන්ගෙන පතන්නේ හර්බිලාගේ සහ අනුරලාගේ මත පරදවන සටනට ජය ලැබේවා යැයි කියා ය. සුදාගේ ගුද මාර්ගයේද ඇත්තේ එම පැතුම බව සැවොම සිත් හි තබා ගත යුතුය. එවන් වූ සුදාලා ඉදිරියෙන් තබාගෙන මත පරදන සංග්‍රාමය සුබ මොහොතින් අරඹන්නට හැකිවීම අප අනුර කුමරුන්ගේ වාසනාවම නොවන්නේ ද?

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x