භික්ෂූන් වහන්සේලා අවදියෙන් සිටින්න..පිරිවෙන් පනතටත් ඇඟලි ගහන්න හදන්නේ?
1 min read
වත්මන් ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියා මෙරට දරුවන් සමලිංගික්කරණයට උත්සාහ කරමින් සිටින බවත් එමෙන්ම ඔවුන් පිරිවෙන් පනතටත් ඇගිලි ගැසීමේ සූදානමකින් පසු වූ බවත් එහෙත් මහානායක හිමියන් ඒ සම්බන්ධයෙන් දැක්වූ විරෝධය නිසා එය අකුලා ගැනීමට සිදුව ඇති බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ :
“ඔවුන් පිරිවෙන් පනතට පවා ඇඟිලි ගැසීමට සැලසුම් කිරීමට තරම් දුර ගියා. මහානායක හිමිවරු පිරිවෙන් පනතට ඇඟිලි ගැසීමට අවසර දුන්නේ නැහැ. උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සඳහා පමණක් අවසර දුන්නා. එබැවින්, මම ගෞරවයෙන් භික්ෂූන්ගෙන් ඉල්ලා සිටින්නේ අවදියෙන් සිටින ලෙසයි. බෞද්ධ ශාසනයට අර්බුදයක් ඇති කළ හැකි බාධක හෝ තර්ජන තිබේ නම්, අපට නිහඬව ඉන්න බැහැ. එය විනාශ වුවහොත්, එය නැවත ගොඩනැගීමට අපට ස්ථානයක් ඉතිරි වෙන්නේ නෑ.”
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
