November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බෞද්ධයන් අඩු වේ! මුස්ලිම් වැඩි වේ! නව ජන සංගණන වාර්තාව කියා පාන කථාව

1 min read

2024 ජන හා නිවාස සංගණන වාර්තාව දැන් නිකුත් වී තිබේ. එයට අනුව සිංහල ජනගහණයේ වර්ධන වේගය අඩු වී ඇත. මුස්ලිම් ජනගහණයේ වර්ධන වේගය සීග්‍රයෙන් වැඩි වී තිබේ.

නමුත් පොදුවේ ශ්‍රී ලංකාවේ ජනගහණය නම් වර්ධනය වී තිබේ.

2012 දී ලංකාවේ මුළු ජනගහණය මිලියන 20.3කි. 2024 දී මිලියන 21.7කි. වසර 12ක් තුළ මුළු ජනගහණය මිලියන 1.4 කින් වර්ධනය වී තිබේ.

2012 දී නිවාස තිබුණේ මිලියන 5.1 කි. 2024 වන විට නිවාස මිලියන 6.1 ක් තිබේ. එහෙත් පවුල් සංඛ්‍යාව වැඩි වී ඇතත්, සාමාන්‍ය කුටුම්භයක සාමාජික සංඛ්‍යාව අඩු වී තිබේ.

2012 වන විට කාන්තාවො සිටියේ 51.5% කි. 2024 වන විට කාන්තා අනුපාතය 51.7% ක් වී තිබේ. ඒ අනුව තවමත් කාන්තාවන් ජනගහණයෙන් බහුතරය වේ. මීට සාපේක්ෂව 2012 දී 48.5% ක්ව සිටි පිරිමි අනුපාතය 2024 වන විට 48.3% දක්වා සුළු වශයෙන් නමුත් අඩු වී තිබේ.

ජනප්‍රිය පුවත්  හන්ගල ගහන U.S. ගිවිසුම

2012 දී වයස අවුරුදු 15 ට අඩු ළමුන් සිටියේ 25.2% ක් වුවත්, 2024 වන විට එය 20.7% ක් දක්වා 4.5% කින් අඩු වී තිබේ. අවුරුදු 15 සහ 59 අතර සංඛ්‍යාව 2012 දී 63.0% ක් වූ විට 2024 දී එය 61.3% දක්වා පහල බැස තිබේ. ඒ අනුව එහි අඩු වීම 1.7% කි. අවුරුදු 60 ට වැඩි සංඛ්‍යාව 2012 දී 11.8% ක් වූ විට, 2024 දී එය 18.0% දක්වා වැඩි වී තිබේ. එය 6.2% ක වැඩි වීමකි. ඒ අනුව ජනගහණය වයස්ගත වෙමින් පවතින බව පෙනේ. ළමයින් අඩු සහ වැඩිහිටියන් වැඩි සමාජයක් තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.

ජාතිය අනුව ගත් කල, සිංහල 74.1 කි. දෙමළ 15.1% කි. මුස්ලිම් 10.5% කි. සෙසු ජන කොටස් 0.3% ක් වේ.

ආගම අනුව ගත් කළ, 2012 දී බෞද්ධාගමිකයන් සිටියේ 70.2% කි. 2024 වන විට එය 69.8% දක්වා පහත වැටී තිබේ. වසර 12 ක් තුළ බෞද්ධයන්ගේ අඩු වීම සිදුව ඇත්තේ 0.4% ක ප්‍රමාණයෙනි.

ජනප්‍රිය පුවත්  මොළය සහ ලිංගය

හින්දු ආගමිකයන්ගේ අඩු වීමක් හෝ වැඩි වීමක් සිදුව නැත. එය 12.6% ක් වේ.

ඉස්ලාම් ආගමිකයන්ගේ සංඛ්‍යාව 2012 දී 9.7% කි. 2024 දී එය 10.7% ක් වී තිබේ. ඒ අනුව, එම ආගමිකයන්ගේ වැඩිවීම වසර 12 ක් ඇතුලත 1.0% කි. ක්‍රිස්තියානි (මුළු) සංඛ්‍යාව 2012 දී 7.4% ක් වූ විට 2024 දී 6.9% දක්වා පහත බැස තිබේ. එයින් කියැවෙන්නේ, ක්‍රිස්තියානි (මුළු) ආගමිකයන්ගේ වසර 12 ක් තුළ අඩුවීම 0.5% ක් වී තිබෙන බවයි.

නිකුත් වී තිබෙන ජන සංගණන වාර්තාව මගින් ඇත්ත දත්ත එලිදැක්වූවා ද යන්න ප්‍රශ්නයක් වී තිබේ. 2024 සංගණනයට අනුව මෙරට ජනගහණය දෙකෝටි පහලොස් ලක්ෂයක් බව පසුගිය අප්‍රියල් මාසයේ දී සංගණන අධ්‍යක්ෂ ජනරාල්තුමිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දී ප්‍රකාශ කළාය. එලිදක්වා ඇති දත්ත අනුව, එතුමියගේ ඒ කියමන සනාථ වී නැත. එදා ඇය කියුවේ ඇත්තනම්, අද මේ එලිදක්වා ඇත්තේ “බොරු” ය. සත්‍ය පින්තූරය මීටත් වඩා බියකරු බව නම් අපට ඉතා පැහැදිලිය.

ජනගහණ වර්ධනය අඩු කිරීමේ විලාසිතා සියල්ලම වැඩිපුර කරේ දමා ගන්නේ සිංහලයන් ය. LGBTQ වසංගතයට ද වැඩියෙන් ගොදුරු වන්නේත් සිංහලයන්ම ය. දික්කසාද වන විවාහ ප්‍රමාණයෙන් අති බහුතරය සිංහලයන් ය. අනාගාමික හා සහජීවන මත වපුරන්නන් සිටින්නේ ද සිංහලයන් අතර පමණ ය. එනම්, සිංහලයාට වෙමින් පවතින්නේ තමන් සතුව ලෝක සිතියමේ ඇති එකම රට ද අහිමි වන තැනට පත්වීමට ය. මේවා කියූ විට “ජාතිවාදීන්” යැයි ලේබල් ගසන නිසා, ඒ ලේබලයට ද සිංහලයෝ පුදුම විදිහට බය ය.

ජනප්‍රිය පුවත්  ඩිජිටල් හැඳුනුම්පත පුරවැසි පෞද්ගලිකත්වයේ සහ දත්තස්වෛරිත්වයේ අවසානය….

ජන සංගණන වාර්තාවේ ඇත්ත දත්ත සොයා ගැනීමට අප වෙර දැරිය යුතුය. එවිට, තිත්ත ඇත්ත මීටත් වඩා දැක බලා ගැනීමට අපට හැකි වනු නිසැක ය.

නීතිඥ එස්.කේ. සේනානායක

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x