October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

“බෝන් අගේන්” රටම අල්ලයි !(විශේෂ අනාවරණය )

1 min read

පසුගිය දා අගවිනිසුරු ධූරයට පත් කරන ලද ප්‍රීති පත්මන් සුරසේන මහතා උපතින් බෞද්ධයකු වුවද, ඔහුගේ බිරිඳගේ බලපෑම හේතුකොටගෙන මේ වන විට උග්‍ර බෝන් අගේන් ආගමික නිකායේ බැතිමතකු බවට පත්ව ඇත්තකු බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව, “ප්‍රොපට් ජෙරම්” ගේ නිකායේ යාවජීව සාමාජිකයකු බවට පත්ව සිටින ප්‍රීති පද්මන් සුරසේන එම තනතුරට පත් කිරීමෙන් වළකින ලෙස කල්තබා මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන් ජනාධිපති අනුර වෙතින් ඉල්ලීමක්ද සිදු කර තිබේ. නිහඬව ඊට ප්‍රතිචාර දැක් වූ අනුර දිසානායක ජනාධිපතිවරයා බෝන් අගේන් ප්‍රමිෂ්කා පෙරේරාගේ ද ඉල්ලීමට අවනතව අගවිනිසුරු ධූරයට පත් කරන ලද්දේ ප්‍රීති පද්මන් සුරසේනවය.

නව අගවිනිසුරු වශයෙන් ප්‍රීති පද්මන් සුරසේන මහතා අනුර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු

මාතර දික්වැල්ල ප්‍රදේශයේ ගොඩැල්ල උනාපාරුව නමැති ගමේ උපත ලද ප්‍රීති පද්මන් සුරසේනගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයකු වේ. තම ගෝලයකු වෙතින් එල්ල වූ ප්‍රහාරයකට ලක්ව ප්‍රීති පද්මන් සුරසේනගේ පියා මරණයට ගොදුරු වුණි.

1988 දී පමණ කොතලාවල ආරක්ෂක අධ්‍යයන ආයතනයෙන් සිසුන් 20 දෙනෙකු පමණ නීති හා විද්‍යා විෂය ධාරාවන් වලින් කොළඹ විශ්ව විද්‍යාලයට තේරී පත්ව තිබුණි. මේ සිසුන් අතර, මෙම උපාධි දෙකම එකවර සිදු කරන ලද සිසුන් කිහිපදෙනා අතර ප්‍රීති පද්මන් සුරසේන ද විය. මෙකල විශ්ව විද්‍යාලවල පැවැතියේ සාමකාමී වාතාවරණයක් නොවේ. ජ.වි.පෙ. ශිෂ්‍ය සංගම් හා එ.ජා.ප. යේ සමවාදී ශිෂ්‍ය සංගම් අතර ගැටුම් බහුලව පැවතියේ මෙකලය. කොහොම නමුත්, ප්‍රීති පද්මන් සුරසේන ඇතුළු කොතලාවල “ඩිෆෙන්ස් ඇකඩමියෙන්” තේරී පත්ව කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණි සිසුන්ට ජ.වි.පෙ. ට සම්බන්ධ ශිෂ්‍ය සංගම් බලවත් විරෝධයක් එල්ල කර තිබුණි. අවසානයේදී විද්‍යා උපාධිය වෙතින් ඉදිරියට යාම පසෙක තැබූ ප්‍රීති පද්මන් සුරසේන තමන් ලද කලා උපාධිය ප්‍රයෝජනයට ගෙන කොළඹ නීති පීඨයට ඇතුළත් විය.

පසුව, නීති විභාගය සමත් වීමෙන් පසුව, එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ විසූ කීර්තිමත් රෙජිස්ටාර්වරයකු වූ ජේ.එස්.එස්. පින්නදූවගේ මහතාගේ සහාය ඇතිව, පැමිණි ෆයිස් මුස්තාපා නම් බලවත් නීතිඥයාගේ කණිෂ්ඨ නීතිඥයකු ලෙස වැඩ කිරීමේ අවස්ථාව උදා කර ගැනීමට ප්‍රීති පද්මන් සුරසේනට හැකි විය. ඔහු පසුව විවාහ වූයේ කතෝලික ආගම අදහන කාන්තාවකි. පසු කාලීනව ඇය, “ප්‍රොපට් ජෙරම්” ගේ “බෝන් අගේන්” නිකායේ ප්‍රබල සාමාජිකාවක ද වූවාය. ඇයගේ බලපෑම මත නොදැනුවත්වම ප්‍රීති පද්මන් සුරසේන ද විනිසුරු දිවියේ සිටියදීම “බෝන් අගේන්” නිකායේ යාව ජීව විශ්වාසවන්තයකු බවට පත්විය.

දික්වැල්ල තිස්ස මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා, අද අගවිනිසුරු ධූරයට පත්වීම දක්වා ගමන ඒමට තමන්ට උදව් වූයේ “ප්‍රොපට් ජෙරම්” යැයි වත්මන් අගවිනිසුරුතුමන් විශ්වාස කරයි. සම්ප්‍රදායික කතෝලික පල්ලිය ද මෙම “බෝන් අගේන්” ව්‍යාපෘතියට ආශිර්වාද නොකරයි. අනුර දිසානායකගේ පුත් පළමුව “මිහින් ලංකා” හි රැකියාව ලද (රාජපක්ෂ පාලන සමයේ දී) දෙවනුව රනිල්ගේ යහපාලන සමයේ දී “මිහින් ලංකා” වසා දමන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයට බඳවා ගැනීමේ භාග්‍යය ලද කසුන් විවාහ වූයේද මොරටුවේ එවැන්ජලික ආගම අදහන තරුණියක සමගය. පල්ලිය තුළ විවාහය සිදු වන්නේ, එතෙක් අන්‍යාගමික මනමාලයා හෝ මනමාලි එම ආගමට මාරුවීම විවාහය සමගම සිදුවන්නේනම් පමණයි.

අනුර ජනාධිපතිවරයාගේ පුත් කසුන් දිසානායක
පල්ලියේ පැවැති සිය පුත් කසුන්ගේ විවාහ උත්සවයට අනුර ජනාධිපතිවරයා සහභාගී විය

ඒ අනුව ගත් කළ ප්‍රමිෂ්කා හරහාද අනුර ජනාධිපතිට බලපෑම ආවේ “බෝන් අගේන්” ප්‍රීති පද්මන් සුරසේනව අගවිනිසුරු කරන ලෙසය. මේ තනතුර පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි තවත් බෞද්ධ ආගමික පසුබිමක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කිහිපදෙනෙකු ද වූහ. මල්වතු-අස්ගිරි මහනාහිමිවරු ජනාධිපතිවරයා මුණ ගැසුණු විට ඉල්ලා තිබුණේ ඒ අතරෙන් කිසිවකු අගවිනිසුරු කරන මෙන්ය. නමුත්, අනුරගේ පුතා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිටින කසුන් හරහා එන්නේ බෝන් අගේන් එවැන්ජලික ආගමික බලපැමය. කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික සභාව හරහා එන්නේ එම බලපෑමය. ඒ සියල්ලටම වඩා එන්නේ ප්‍රමිෂ්කලා හරහා එන “බෝන් අගේන්” බලපෑමය. අවසානයේ දී ජය ගන්නේ “බෝන් අගේන්” ප්‍රමිෂ්කලා මිස, උඩරට මල්වතු-අස්ගිරි මහනායක හිමිවරු නොවේ. අවසානයේ දී උන්වහන්සේලා බැහැ දැකීමට ජනපති අනුර මහනුවර ගිය විට, මහනායක හිමිවරු දෙපල ජනාධිපතිවරයා හමුවීම මග හැර, අනුනායක හිමිවරු හා කාරක සංඝ සභාවන් දෙක පමණක් ඔහු මුණ ගැසුණේ මේ හේතුව මත විය නොහැකි ද? පංති සටන දැන් මතු වෙමින් ඇත්තේ ආගමික සටනක ස්වරූපයෙනි. ප්‍රමිෂ්කලාගේ බැටෑලියන් ඇත්තේ හැම කදවුරකමය. ජනාධිපති අනුර ද එහි ගොදුරක් බවට පත්ව ඇති බවනම් පැහැදිලිය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ඉදිරියේදී ගනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි ආන්දෝලනාත්මක නඩු තීන්දු මගින් ඔහු විශ්‍රාම යාමෙන් පසු, ඇරඹීමට නියමිත නව “දිවිය” පිළිබඳ ඉඟි පමණක් හඳුනා ගැනීමට ඔබට හැකිවනු ඇත. එතෙක් අපට කීමට ඇත්තේ “හලලූලා” කියාය !

තුසිත විදානපතිරණ
(අධිකරණ වාර්තාකරු)

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x