January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරු සහ ගොදුරු

1 min read

නාසිවාදී වියරු උමතුවෙන් මානව ඉතිහාසය කෙළෙසන ලද
ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් බොරු කීමේ හා බොරු පැළකීරිමේ ක්‍රීඩාවේ කෙළ පැමිණියෙකි.

ඔහු සිය අනුගාමික ජන සමාජය විනාශකාරී මාවතක
මෙහෙයවනු ලැබුවේ ද ඒ සඳහා අනුබල දෙන්නා වූ ව්‍යාජ අධ්‍යාපනයක් බිහි කරමිණි. අවසානයේ
එම අධ්යාාපනය වැළද ගත්වුන් ඒ වෙනුවෙන් අනුන් මරන්නට පමණක් නොව තමන් මැරෙන්නට ද බිය නොවූහ.
බොරුවට පණ දුන් විට එහි බලය එසේ මෙසේ නොවේ.

හිට්ලර්, බොරු කීම ගැන මෙසේ පෙන්වා දෙන්නේ උපදේශකාත්මක
ය.

”විශ්මිත ලෙස බොරු කියන තරමටම ඔබ පවසන දේ වැඩියෙන්
විශ්වාස කරති, යි යන නිවැරදි තක්සේරුව මත මේ මහත්වරු කටයුතු කරති. සාමාන්‍ය මිනිස්සු
කුඩා බොරුවලට වඩා විශාල බොරු විශ්වාස කරති. කුඩා බොරු කීමෙහි තමාට ද හැකියාවක් ඇති
බව ඔවුහු දනිති. එහෙත් විශාල බොරු කීමට ඔවුහු මැලි වෙති. විශාල බොරු තම සිතට නෙඑන නිසා
අන්‍යන්ට ද එවැනි බොරු කිව හැකි යැයි ඔවුහු විශ්වාස නොකරති. කාරණය ඇදහිය නොහැකි බොරුවක්
බව පැහැදිළි කරදුන් විට පවා එහි කිසියම් සත්‍යයක් ඇතැයි සිතීමට ඔවුහු පෙළඹෙති. …
එම නිසා විශාල බොරු පමණක් පවසන්න. එවිට ඔබේ ඒ බොරු වලින් යම් කිසිවක් ඉතිරි වනු ඇත”

ජනප්‍රිය පුවත්  කළකම් ඵල දීම - පෙරටු වර්ෂන් එක!

වර්තමාන ජ.වි.පෙ. ඉගෙනගෙන ඇත්තේ කාල් මාක්ස්ගෙන්වත්,
ෆෙඩ්රික් එංගල්ස්ගෙන්වත්, ලෙනින් හෝ මාඔ් සේ තුංගෙන්වත් නොවේ. ජ.වි.පෙ. වර්තමාන භාවිතාවට
අනුව ඔවුන්ගේ ගුරුවරයා වී ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර් මිස අන් කවරකුවත් නොවේ.

ජ.වි‌.පෙ. නායක ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදීම
කීවේ කුමක්ද? තමන් පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු බවත්, ඇත්ත කියන්නේ භාහිර සමාජයේදී
බවත් ය. රටක නායකයකුට මෙසේ කියවෙන්නේ නිකමට ද?

තමන් රට බාරගන්නා විට ඩොලර් එකක්වත්, රුපියල් කීයක්වත්
රටේ නොතිබුණා යැයි ඔවුන් අදත් පවසන්නේ නොදැනුවත්කමට ද? බලය ගැනීමට පෙර ”අලි බොරු”
කිව්වේ නොදැනුවත් වද? අද ඒ කී දේට සපුරා විරුද්ධ දේ කරන්නේ අමතක වීමකින් ද?

නැත! ඔවුන්ට අනුව බලය ගැනීමත් පවත්වාගෙන යාමත් බොරුව
මත පදනම් වූ ව්‍යාපාතියකි. එය ඔවුන් ඉගෙනගෙන ඇත්තේ හිට්ලර්ගෙනි. හිට්ලර්ගේ බොරුව මුළු
මහත් මානව වංශ කතාවට එක් කළේ බරපතළ කළු පැල්ලමක් පමණි. ජ.වි.පෙ. බොරුව ද ගමන් කරමින්
ඇත්තේ ඒ දිශාවට ය.

ජනප්‍රිය පුවත්  underground කතුවැකිය

එය නොතේරෙන්නේ, ඔවුන්ගේ බොරුව ගිලගත් ”ගොදුරු” වලට
මිස අන් කවරකුවටත් නොවේ.

මෙම වැකිය සමග ඉහත ඡායාරූපය පල කර ඇත්තේ ”බොරුවට”
බව සැළකුව මැනවි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x