බලංගොඩ කස්සප හිමි බන්ධනාගාරයේ මාරාන්තික උපවාසයක!
1 min read
බළන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඊයේ දින සිට උපවාසයක නිරත වන බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන් ඊයේ (14) පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
යුක්තිය ඉටුවනතුරු උන්වහන්සේලා උපවාස ක්‍රියාමාර්ගය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව තහවුරු කර ඇති අකර, බන්ධනාගාරය තුළ උන්වහන්සේ මෙසේ මාරාන්තික උපවාසයක නිරත වීමට හේතු ලෙස දක්වා ඇත්තේ, ත්‍රිකුණාමලය මුහුදු කලාපයේ වෙරල සංරක්ෂණ කලාපය තුල ඉදිකර ඇති අනවසර අන්‍යාගමික පල්ලි, කෝවිල් වලටත් නීතිය ක්‍රියාත්මක කිරීම, සාම්බල්තිව් කලපුවෙ අනවසර, බලහත්කාරී , අනීතික අත්පත් කරගැනීම් හා ඉදිකිරීම් වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම, කන්දල්කාඩු වන රක්ෂිතය, ගෝමරන්කඩවල , මොරවැව යන මහා වන රක්ෂිත හෙලි පෙහෙලි කර අන්‍යාගමිකයන් විසින් ඉඩම් අල්ලාගෙන කරන නීති විරෝධී ජනපද කරනයට එරෙහිව, නැගෙනහිර සිංහලයන්ට වෙමින් තිබෙන ඓතිහාසික අසාධාරනයට, නීතිමය ,භාෂාමය, පරිපාලනමය, සංකෘතිකමය, ජනවාර්ගිකමය කොන් කිරීම්වලට එරෙහිව, 1983 දී නැගෙනහිරෙන් පලවා හැරි සිංහලයන් 97000 ක් දෙනා නැවත නැගෙනහිර බිමේ පදිංචි කරවීමට ආන්ඩුවට බලකිරීම සහ සම්පූර්නයෙන් බහුතර සිංහලයන් වෙසෙන පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට දමිල ජාතික ප්‍රාදේශීය ලේකම් වරයෙක් පත් කිරීමට එරෙහිව.. මෙම උපවාසය ආරම්භ කළ බවයි.
