බංග්ලාදේශයේ මෙන් ISIS කඳවුරු ලංකාවෙත්?
1 min read
පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය හමුදාපතිවරයා, මෙරට යුධ හමුදා ප්‍රධානීන් සමඟ සිදුකරන ලද සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ISIS පුහුණු කඳවුරු රහසිගතව පිහිටුවීමට ඇති අවධානම පිළිබඳව ය.
එම හමුදා ප්‍රධානියාගේ මතය වී ඇත්තේ, බංග්ලාදේශයේ සිදුවූ ”රෙජීම් චේන්ජ්” එකෙන් පසුව, එරට ISIS පුහුණු කඳවුරු ස්ථාපිත කිරීම සිදුව ඇති බවයි. බංග්ලාදේශයේ ISIS බලගැන්වීම ඉන්දියාවේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් ලෙස සලකන බවත්, ලංකාවේ ද එවැනි තත්වයක් ඇතිවීමේ අනතුර තම බුද්ධි අංශ මගින් කරුණු සහිතව පෙන්වා දී ඇති බවත් ය.
තමන් ලද බුද්ධි තොරතුරු මෙරට හමුදා ප්‍රධානීන් සමග හුවමාරු කරගෙන ඇති හෙතෙම, ශ්‍රී ලංකාව තුළ ISIS හිස එසවීමට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
සම්පත් රුහුණුහේවා LankaUndergroundNews
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
