October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිට පොලීසිය “කන්ට්‍රෝල්” නෑ! ආණ්ඩුව අවුල් වෙයි!

1 min read

පසුගිය 26 වැනිදා, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ කොටුව මහෙස්ත්‍රාත් උසාවිය අවට එක් රැස් වුණු ජනතාව පාලනය කිරීමට පොලීසිය ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයා පුමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් බලවත් අවධානය යොමුකර ඇතැයි පැවසේ. එදින (26) රාත්‍රී 11.30 පමණ වනතුරු, ප්‍රධාන පෙළේ ඇමතිවරු දෙදෙනෙක් හා පොලිස්පතිවරයා අතර මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්ද පැවතී ඇත.

ජනාධිපතිවරයා ද විටින් විට දුර්කථන මාර්ගයෙන් මීට සම්බන්ධ වී තිබේ. පොලීසිය, පොලිස්පතිවරයාට පාලනය කළ නොහැකි තත්වයක පවතින බැවින්, වසර 5ක් තිස්සේ ප්‍රමාද වී ඇති පොලීසියේ උසස්වීම් ලබා දීමට ද මෙහිදී තීරණය කර තිබේ. ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට පොලීසියේ සහය අත්‍යවශ්‍ය බවත්, දිගින් දිගටම සිදුවන පාතාල මිනීමැරුම් ආණ්ඩුවේ පැවැත්මට අහිතකර බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

සිරමෙවන් ජයතිලක

UNDERGROUND වාර්තාකරු 

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x