පොලිස්පතිගේ පට්ටම ගැලවේ!
1 min read
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය තමන් නීතිඥයකු ලෙස හඳුන්වා ගනු ලබන්නේ නීතිඥයකු බවට පත්වීමට අදාළ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ නොකර බව වාර්තා වේ. මේ පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබෙන නීතිඥ කණ්ඩායමක්, ඉදිරියේදී සාක්ෂි සහිතව එය අනාවරණය කිරීමට සූදානම් වන බව Underground වෙත වාර්තා වේ.
පොලිස්පතිවරයා නීති විභාගය සමත් වී ඇතත්, නීතිඥයකු බවට පරිපූර්ණත්වයට පත්වීමටනම් අවම වසරක කාලයක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් යටතේ කටයුතු කළ යුතුව තිබේ. එහෙත්, ඔහු පොලීසියට ඉදිරිපත් කර ඇති එම ලේඛන එක්තරා ජ්‍යේෂ්ඨ නීතිඥයකු මාර්ගයෙන් වංචනිකව ලබා ගත් ලේඛන බව පැවසේ. තමන් සමඟ වසරක කාලයක් ආධුනික නීතිඥයකු වශයෙන් ක්‍රියා කර ඇති බව සහතික කරමින් අදාළ ලිපිය ලබා දුන් ජ්‍යේෂ්ඨ නීතිඥවරයා මේ වන විට ජීවතුන් අතර නැතත්, ඔහු සමග එකට වැඩ කළ සෙසු නීතිඥයන් මේ චෝදනාවට අදාළ සාක්ෂි මේ වන විට එක්රැස් කර ඇත.
ඒ අනුව, දිවුරුම් පෙත්සම් ඇතුළු සාක්ෂි ගණනාවක් මත පදනම්ව ඉහත සඳහන් අනාවරණය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම හෙළිදරව් කිරීමත් සමඟ පොලිස්පතිවරයා කූඨ ලේඛන සකස් කරන ලද අයකු බවට පත්වේ. අනෙක් අතට, ජ්‍යෙෂ්ඨ නීතිඥයා යටතේ ආධුනික නිතීඥයකු ලෙස වැඩකරන ලදැයි දැක්වා ඇති කාලය තුළ ඔහු පොලීසියේ සේවය කර තිබේ. එම කාලය තුළ දිනපතාම පාහේ පොලිස් සේවයට වාර්තා කර තිබෙන තත්වයක් යටතේ ජ්‍යේෂ්ඨ නීතීඥයෙක් යටතේ පුහුණුව ලද බවට වන ලිපිය අභියෝගයට ලක්වීම වැළකිය හැකි නොවේ.
මෙම කරුණු සනාථ වුවහොත් පොලිස්පතිවරයා එම සේවයෙන් නෙරපා හැරීමට ලක්වනු ඇති අතර, කූට ලේඛණ සකස් කර සිදුකර තිබෙන වංචාවට අදාළ දඩුවම් ලැබීමට ද ලක්වනු ඇතැයි ජනාධිපති නීතිඥයන් කිහිප දෙනෙක්ම Underground වෙත අවධාරණය කළහ.
සන්ධ්‍යා ජයනෙතත්ති Underground වාර්තාකරු




