November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලුවත් ලැබුණේ වෙඩි ප්‍රහාරයයි!

1 min read

නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ, පසුගිය අගෝස්තු මස 29 වැනි දින ය. එම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට විවිධ පාතාල කණ්ඩායම් ඔස්සේ මෙම තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

අදාල ලිපිය මෙසේය.

”මා වර්ෂ 2025 පලාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වන විට වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැළකර සිටිමි.

නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේදී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථා නොදෙන බවට මා හට තර්ජන එල්ල විය.

මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වන විටත් සමාජ මාධ්‍ය ඡාලා හරහා මා හට තර්ජන එල්ල කරණු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පෙලීසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට පොලීසිය විසින් මා හට දැනුම් දුනි.

ජනප්‍රිය පුවත්  ලක්මාලි…. චී……චී…..චී..!

මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවක දී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි.”

මෙබදු අනතුරු ඇඟවීමක් සහිත ලිපියක් මගින් සිය ආරක්ෂාව සලසා දෙනමෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණ ද එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව, අදාළ සභාපතිවරයා ඝාතනය කිරීමට ඉඩ ලබාදෙන ප්‍රතිපත්තියක පිහිටා පොලීසිය කටයුතු කර ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ පෙන්වා දෙති.

ගාමිණී වීරසිංහ Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x