October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පාතාල මිනීමැරුම් එක දිගට

1 min read

පසුගිය සෙනසුරාදා (23) දිවයිනේ ස්ථාන දෙකකදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරන ලද අතර අද (24) උදෑසන බොරලැස්ගමුවේ දී තබන ලද වෙඩි ප්‍රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව, ගත වූ කෙටි කාලය තුළ පුද්ගලයන් තුන් දෙනෙකු පාතාල වෙඩි ප්‍රහාර වලින් ඝාතනයට ලක්ව තිබේ. ආණ්ඩුව මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට කිසිදු පියවරක් නොගැනීම බරපතල සැකයට තුඩු දෙන කරුණක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරනයේදී, අනුර දිසානායක මාලිමා අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුදල් වියදම් කර ඇති බවද මේ පිළිබඳ තතු දත් ආරංචි මාර්ග පෙන්වා සිටී. “කුඩු සලිදු” නමැත්තා ඇප පිට නිදහස් කිරීමත් ඉන් පසු ඔහු පලායාමත් මෙම සබඳතාවයන්ගේ ප්‍රතිඵලයක් බව පැවසේ.

මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාව අපරාධ බහුල රාජ්‍යයක් බවට පත් වීමේ අනතුර නිර්මාණය වී ඇතැයි මේ පිළිබඳව උනන්දුව පල කරන බොහෝ දෙනා පවසති.

විශේෂ වාර්තාකරු

underground

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x