October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමිෂ්කාගේ “බුටික් හෝටල්” තුල ජනාධිපති නවාතැන් ගැනීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

1 min read

නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අදාළ නීතියට අනුව, තමන් (ජනාධිපතිවරයකු හෝ වෙනත් රජයේ බලධාරියකු) රාජකාරී අවශ්‍යතා මත, රජයේ නිල නිවෙසක සේවය නොලබා පෞද්ගලික හෝටලයක හෝ නවාතැන්පොලක සේවය ලබා ගන්නේනම් ඊට වැය කළ මුදල පෙන්වා දීම අත්‍යාවශ්‍ය වී තිබේ. ඒ අනුව, ජනාධිපති අනුර, නුවර එලියේ සහ අනුරාධපුර පිහිටි ප්‍රමිෂ්කා පෙරේරාට අයත් “බුටික් හෝටල්” පාවිච්චි කිරීමේ දී වැය කරන ලද මුදල විමසා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට පාර්ශවයන් කිහිප දෙනෙකුම සූදානම් වන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. එම පැමිණිල්ලට අනුව, ප්‍රමිෂ්කා පෙරේරා නැමැති “බෝන් අගේන්” කාන්තාව ඊට මුදල් අය කර නොමැත්තේනම්, එය ද වක්‍රාකාරව ලබා දුන් අල්ලසක් ගණයට අයත් නොවන්නේ ද? යන ප්‍රශ්නය මතු කිරීමට පැමිණිලිකරුවන් සූදානම්ව සිටී.

ප්‍රමිෂ්කාට අයත් නුවර එලියේ පිහිටා ඇති Hummingbird “බුටික්” හෝටලය
ප්‍රමිෂ්කාට අයත් අනුරාධපුරයේ පිහිටා ඇති Hummingbird “බුටික්” හෝටලය

මෙම පැමිණිලි ඉදිරි සති කිහිපය තුළ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කරනු ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී පැමිණිලි සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව සිවිල් සමාජ සංවිධාන විශේෂ අවධානයකින් පසුවන බව ද පැවසේ.

විශේෂ මාණ්ඩලික වාර්තාකරු

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x