October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පළාත් සභා ඡන්දය ලබන වසරේ මුල?

1 min read

ආණ්ඩුවට අවාසිදායක ප්‍රතිඵල නියත වශයෙන්ම ගෙන දිය හැකි වුවත්, ඉන්දියාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ බලපෑමට යටත් 2026 අය වැයෙන්  මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන්කර, එය ලබන 2026 වසරේ මුල් මාස තුන ඇතුළත පවත්වා අවසන් කිරීමට ආණ්ඩුවේ ඉහළම බලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ. මහවැලි අධිකාරිය රාජ්‍ය ආයතනයක් ලෙස අහෝසි කිරීමෙන් පසුව, උතුරේ හා නැගෙනහිර පවතින විශාල ඉඩම් ප්‍රමාණයක නීත්‍යානුකූල පරිහරණ අයිතිය ප්‍රාදේශීය ලේකම්වරයා හා දිසාපතිවරයා වෙත ලැබුණත් අදාළ පළාත් සභා පිහිටුවා “ඉඩම් ප්‍රඥප්තිය” සම්මත කිරීමෙන් පසුව පමණක් එම ඉඩම් බලය තමන් වෙත ඍජුව හිමිවන බව දෙමළ ඩයස්පෝරාව මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබේ. එපරිද්දෙන්ම “පළාත් පොලිස් ප්‍රඥප්තිය” ඇතුළු විවිධ ආන්දෝලනාත්මක ප්‍රඥප්ති සම්මත කර, උතුරේ හා නැගෙනහිර වෙන වෙනම තම “පරමාධිපත්‍යය” බලය ක්‍රියාත්මක බව ලොවට පෙන්වීමේ අවස්ථාව මෙමගින් උදාකර ගත හැකි බවත්, ඒ හා සමගාමීව බුද්ධි අංශ හා රාජ්‍ය පොලිස් ක්‍රියාකාරීත්වය (ජාතික) අඩපන කර දැමීම වේගයෙන් සිදුකළ හැකි බවත් ඔහුන්ගේ මතය වී තිබේ. මේ හේතුකොටගෙන තමන්ට ප්‍රතිඵලය කෙතරම් අවාසිදායක විය හැකි නමුත්, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමට නොහැකි බැවින් ලබන 2026 වසරේ මුල් මාස 3 ඇතුළත එය පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අභ්‍යන්තර තීරණ ගන්නා කවය තීරණය කර තිබේ. ඒ සඳහා සූදානම් වන ලෙස ද දැනටම තම පහළ සාමාජිකයන්ට දැනුම්වත් කිරීමට ද පටන් ගෙන ඇත.

හිටපු මහ ඇමතිවරුන් ඉලක්කර කොටගෙන දූෂණ චෝදනා ඉස්මතු කිරීමේ මෙන්ම පරීක්ෂණ මාලාවකටත් මේ දිනවල ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ මේ පෙළගැස්මේම කොටසක් ලෙසිණි. පළාත් සභාවල් ද හොර ගුහාවල් බවත්, ඒවාද සුද්ධ පවිත්‍ර කළ යුතු බවත් ඊට මාලිමාව තෝරා ගත යුතු බවත් පෙන්වා දීමට හිටපු මහඇමතිවරුන්ගේ වත්කම් හා දේපළ විමර්ශනය කඩිනමින් සිදුකිරීම දැන් සිදු කෙරෙමින් තිබේ.  විපක්ෂයද සීසී කඩව බෙදී වෙන් වී ක්‍රියා කිරීම තම කුමන හෝ වාසියකට හේතු වනු ඇති බවත්, ඇතැම් විට පළාත් පාලන ඡන්දයටත් වඩා ඡන්ද පාවිච්චි කිරීමෙන් වැළකී සිටින සංඛ්‍යාව පළාත් සභා ඡන්දයේදී ඉහළ යා හැකි බවත්, එයද ආණ්ඩුවට වක්‍ර සහයෝගයක් බවට පත්විය හැකි බවත් මෙහිදී සැළකිල්ලට ගෙන දී තිබේ.

දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු
UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x