January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට වසර 17ක සිර දඬුවම්!

1 min read

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳවන බුම්රා බිබි නීතිවිරෝධී ලෙස රාජ්‍ය තෑගි ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තහවුරු කිරීමෙන් අනතුරුව රාවල්පින්ඩි නගරයේ අදියාලා බන්ධනාගාරයේ විනිසුරුවරයා විසින් ඊයේ (21) දිනයේදී වසර 17ක සිර දඬුවම නියම කර තිබේ.

මෙම නඩුව සෞදි අරාබි රජයෙන් ලැබුණු ආභරණ ඇතුළු විවිධ තෑගි වෙළඳපල වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අතර ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රික්-ඊ – ඉන්සාෆ්, සමාජ මාධ්‍ය ඔස්සේ ලියා ඇත්තේ මෙම නඩු කටයුතු ව්‍යාජයක් බවත්, එම තීන්දුව ඉතිහාසයේ කළු පරිච්ඡේදයක් ලෙස හෙළා දකින බවත්ය.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්, 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තාන අගමැති ධුරය හෙබ වූ අතර, විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමත් සමඟ දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන විවිධ චෝදනා මත ඔහු 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x