October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

නේපාලයේ ආදර්ශය ලංකාව!

1 min read

මීට මාසයකට වැඩි කාලයක පටන් නේපාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ (විශේෂයෙන්ම tiktok හරහා) එරට දේශපාලඥයන්ට හා පවුලේ සාමාජිකයන්ට එරෙහිව වෛරය වපුරන උද්වේගකර ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. එය බැලූ බැල්මට සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසිණි. නමුත් එය ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලැබ ඇත්තේ භාහිර විදෙස් බලවේගයන් විසින් බව අප වෙත වාර්තා වී තිබේ.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සියලු සමාජ මාධ්‍ය තහනම් කිරීමේ නියෝගය ලබා දීමෙන් පසු ප්‍රචණ්ඩත්වය තවත් තීර්‍ව වී තිබේ. පසුව පාර්ලිමේන්තුව ද තවත් දේපළ විශාල ප්‍රමාණයකට ද, ශ්‍රේෂ්ඨාධිකරණයට ද අරගලකරුවන් විසින් ගිනිතබා ඇත.

පොදුවේ දේශපාලඥයන් කෙරෙහි  වෛරය වැපිරීමෙන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, නේපාල තරුණ තරුණියන් වෙතින් විමසා ඇත්තේ ”ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියාවේ තරුණ තරුණියන්ට පාරට බැස සටන් කිරීමට පුළුවන් වූවානම් නුඹලාට නොහැක්කේ ඇයිද?” යන්නයි. එම කැඳවීමට ඇදී ගිය Z Generation ලෙස හැදින්වෙන පරම්පරාවට අයත් තරුණ තරුණියෝ ප්‍රචණ්ඩ විරෝධතාවලට අවතීර්ණ වූ අතර, ආරක්ෂක අංශ ප්‍රතික්‍රියා හමුවේ 23 කට අධික පිරිසක් මරුමුවට ද පත්ව ඇත.

මේ වන විට නේපාල අග්‍රාමාත්‍යවරයා එම තණතුරෙන් ඉල්ලා අස් වී ඇත. එරට සම්පූර්ණයෙන්ම අරාජික වී තිබේ. පොලිස් ස්ථාන ගණනාවක් ද ගිනි තබා ඇති අතර ඇතැම් අරගලකරුවන් අත ගිනි අවි පවා දක්නට තිබේ.

අපගේ ජාත්‍යන්තර බුද්ධි සම්බන්ධතා පෙන්වා දෙනු ලබන පරිදි, බංගලාදේශයේ මෙන් අන්තර්කාලීන පාලනයක් නේපාලයේ ද පිහිටුවීමට නියමිතය. බටහිර පක්ෂපාතී පුද්ගලයකු එරට ප්‍රධානියා බවට පත් කිරීමට ද සියළු කටයුතු සූදානම් කර තිබේ. ඔහු නමින් බාලේන්ද්‍ර ෂා ය. ඔහුගේ රැප් හා හිපොප් ගීත මගින් දූෂණ විරෝධය තරුණ තරුණියන් අතර අවුලුවනු ලැබ තිබේ.  මොහු එක්සත් ජනපද ඇතුළු බටහිර රටවල් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්නකු බව ද තතු දත් ආරංචි මාර්ග පෙන්වා දේ.  

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x