March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිපති ඉවත්කිරීමට විශ්වාසභංගයක්!

1 min read

නීතිපති පාරින්ද රණසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. නීතිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට ගෙන එන විශ්වාසභංගයක් සරල බහුතරයෙන් සම්මත වුවහොත් සම්මත වුවහොත, එතැන් සිට එම ධූරයේ කටයුතු කිරීමට ඔහුට හැකියාව අහිමි වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මහජන මුදල් අවභාවිතයට අදාළව පවරා ඇති නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි බව නීතිපතිවරයාගේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවෙනියාගේ ද මතය වී තිබේ.

එම මතය අනුව ඔවුන් ක්‍රියා කිරීම විසින් අදාළ නඩුව තවදුර ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. මේ පිළිබඳව බලවත් ලෙස ප්‍රකෝපව සිටින ජනාධිපතිවරයා රහස් පොලිසියේ ප්‍රධානී ශානි අබේසේකරට නියෝග කර ඇත්තේ නීතිපති උපදෙස් නොසලකා පරීක්ෂණ ඉදිරියට ගෙන යන මෙන්ය. ඒ අනුව ලබන සතිය තුළ හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

ඊට සමගාමීව නීතිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ගෙනැවිත් එම දෙපාර්තමේන්තු බියගන්වා දිලීප පීරිස් නීතිපති ධූරයට පත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. දිලීප පීරිස් පමණක් රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ඉදිරියට ගෙන යා හැකිය යන ස්ථාවරයේ තවදුරටත් සිටීම ජනාධිපති අනුර කුමාරගේ සතුටට හේතු වී තිබේ.

ජනප්‍රිය පුවත්  කථානායකව ඉවත් කරන්න! ජ.වි.පෙ. ඇතුළෙන් ඉල්ලීමක්!

රවින්ද්‍ර කල්පගේ

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x