නීතිපතිට එරෙහි අව නීතිය
1 min read
පාරින්ද රණසිංහ මැතිතුමා (ජ්‍යෙෂ්ඨ) මේ රටේ තිස් අටවැනි අග්‍රවිනිශ්චයකාර තුමාය..
මේ රටේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ 1988 වසරේ අග්‍ර විනිශ්චකාර ධුරයට පත් එතුමා වසර තුනක් එම ධුරය( Chief Justice ) කීර්තිමත් අයුරින් දැරිය..
රටක විනිසුරු ක්ෂේත්‍රයේ ඉහළම තැන ලෙස සැලකෙන අග්‍ර විනිශ්චකාර ධුරට පත්වීමේ වාසනාව එතුමා සතුවිය..
රටේ නීති ක්ෂේත්‍රයේ තවත් ඉහළම තනතුරක් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරට නීතිපති ධුරයට ( Attorney General )පත්වීමේ වසනාව එතුමාගේ පුත්‍රයා වූ පාරින්ද රණසිංහ ( කනිෂ්ඨ) මැතිතුමාට හිමි වී තිබේ..
ඉතා දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුව තුළ සේවය කරමින් ක්‍රම ක්‍රමයෙන් ඉහළට පැමිණෙමිනි.. අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ද රටක පැවැත්තට අත්‍යවශ්‍ය දෙයකි… ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය දෙයකි..
නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර තමන්ට අවශ්‍ය නීතියට එකඟ නොවන දෑ කරගැනීමට නොහැකි වන කණ්ඩායම්, දැන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියට ගොස් නීතිපතිවරයාට එරෙහිව අපහාසාත්මක වදන් අල්ලමින් උද්ඝෝෂණය කරන්නට උත්සාහ කරන බව පෙනේ.
මහා උද්ඝෝෂණයක් කිව්වත් හිටියේ පහළොවක් මිසකටත් අඩු ගණනකි….
ප්‍රශ්නය සංඛ්‍යාව නොවේ.. එය ඉතාමත් නරක පූර්වාදර්ශයකි..
අනාගතයේ උසාවියේ තීන්දුවට එරෙහිව උසාවියේ ඉදිරියේ මෙලෙස බෝඩ් අල්ලාගෙන යන්නටද මෙය ආරම්භයක් විය හැකිය..
සිය ක්ෂේත්‍රය පිළිබඳ වෘත්තීය අවබෝධය සහ දැනීම සමගින් ඉහළ නිපුණත්වයක් ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධිකරණයට ඉදිරියට ගොස් ඔප්පු කරන්නට බැරි සාක්ෂි නැති නීතිමය පදනමක් නැති නඩු මෙහෙයවා ලජ්ජාවට පත්වීමට සූදානම් නැතිවීම,
youtube නාලිකා කරන මාධ්‍යවේදී යැයි කියාගන්නා කොහේ හෝ ඩොලර් වලට හෝ රුපියල් වලට කෑදරකමින් කටයුතු කරන සමහරුන්ට ප්‍රශ්නයක් වී තිබේ..
නීතිපති යනු අර්ධ අධිකරණ බලයකින් හෙබි තනතුරකි..
යම් සිද්ධියකට අදාලව පොලිසිය විමර්ශනය කර ඉදිරිපත් කරන කරුණු අධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි ඒවා දැයි තීරණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවය..
facebook වල ලියන කීප දෙනෙකුට ආකාරයට යූටියුබ් කරන කීප දෙනෙකුට ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවටත් අධිකරණයටත් කටයුතු කළ නොහැකිය.
රටක නීති ක්ෂේත්‍රය, අධිකරණය , නීතිපති දෙපාර්තමේන්තුව, කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම රටක මහා විනාශයකට හේතුවනු ඇත..
රටක නීතිපතිවරයෙකු සුදුසු නොවන ලෙස ක්‍රියාකර නම් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන ඇත. වත්මන් නීතිපතිවරයා අද මේ පවසන්නේද එයයි…
තමා නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමා විසින් නීතියට එරෙහි වරදක් කර ඇතිනම් අභියාචනා අධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තීරණයක් ගන්නා ලෙසයි..
එසේ නොමැතිව තුට්ටු දෙකේ සෙට් එකක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉස්සරහට ගොස් බෝඩ් අල්ලාගෙන සිටියාට වැඩක් වන්නේ නැත..
ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය ද මෙලෙස නීතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව විධානාත්මකව කරන අපහාසාත්මක විරෝධයට එරෙහිව දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබිණි..
එමෙන්ම අද නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නීතිපතිවරයා හමුවූ ජේෂ්ඨ නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ , අධිකරණ ඇමතිවරයාද, නීතිපති වරයාට එරෙහිව කෙරෙන මේ සංවිධානාත්මක ව්‍යාපාරයට එරෙහිව, නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන මෙරට කීර්තිමත් ජ්‍යේෂ්ඨ නීති වේදීන්ට එරෙහිව බෝඩ් අල්ලාගෙන ඉන්නා උන් දිහා බලන විට සිතට නැගෙන්නේ මේ මොක්කුන්ද කියාය. ඔවුන් රට.ගැන දැරූ සහ දරන මතය රහසක් නොවේ..
මේ පිටුපස ඇති බලවේග මේ කරන්නේ මුට්ටියද දමා බැලීමකි. හැබැයි මට නම් හිතෙන්නේ ඔවුන් මුට්ටිය කුඩු කරගත් බවය…
කවර රජයක් රට ගත වුණත් රටේ පැවැත්මට අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය වනු ඇත…
තමාට අවශ්‍ය තීන්දු පමණක් රටක ක්‍රියාත්මක කරගැනීමට නම් අධිකරණයක් හෝ නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නැත. රජයක් තිබුණාම ප්‍රමාණවත්ය.
