January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිල සංචිත පහත වැටේ ! අර්බුදයක් අත ළඟ ?

1 min read

වර්තමාන NPP පාලනය පිහිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ නිල විදේශ වත්කම් සංචිතයන් හි වර්ධනය ඇන හිටී ඇති බව මහබැංකුව ඉදිරිපත් කර තිබෙන මාසික හා සති වාර්තා මගින් අනාවරණය කර තිබේ.

ඉකුත් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ඩො.මි. 6,000 දක්වා වර්ධනය වී තිබූ විදේශ වත්කම් සංචිතය, NPP ආණ්ඩුව බිහිවීමෙන් අනතුරුව ඩො.මි. 6,000 ට සුළු වැඩිවීමක් පමණක් දිගු කලක් තිස්සේ සිදු වී තිබේ. වාහන ආනයනය විසින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එලියට යාමත්, විදේශ ආයෝජන රට තුලට ගලා ගෙන ඒමත්, සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදු වුවද ඊට සමගාමීව ආදායමේ ඉහල යාමක් සිදු නොවීමත්, විදේශ සංචිත එක තැන පල් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. එසේම, නිෂ්පාදන ආර්ථිකය කුළු ගැන්වීම වෙනුවට, සුඛෝපභෝගී නිවාස සහිත මහල් ගොඩනැගිලි ඉදිකිරීම වැනි අංශ වෙත ප්‍රමුඛතාවය ලැබී තිබීමත් මෙම තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.

මේ පිළිබඳව විශ්ලේෂණය කරන ප්‍රකට ආර්ථික විශේෂඥයකු අප හා පවසා සිටියේ, ලබන වසරේ මාර්තු, අප්‍රියල් පමණ වන විට සැලකිය‍ යුතු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වීමේ වැඩි අවධානමක් පවතින බව යි. ඊශ්‍රායල් – පලස්තීන ගැටුම සමථයකට පත්වුවහොත් ඊශ්‍රායලයේ පවතින රැකියා අවස්ථාද අහිමිවීමේ අවදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අවධාරනය කර සිටී.

ජනප්‍රිය පුවත්  2024 වසරේ මුල් මාස 06 ට සාපෙක්ෂව 2025 වසරේ මුල් මාස 6 තුළ 5.86% ක වෙළඳ භාණ්ඩ ආනයන වර්ධනයක්

Underground

තාරක වීරසූරිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x