October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

නව පොලිස්පති ඒකමතිකව පිළිගැනීම ගැන ව්‍යවස්ථාදායක සභාවේ නියුතු විපක්ෂයේ නියෝජිතයන්ට විපක්ෂයෙන්ම පොලු – මුගුරු

1 min read

පසුගියදා ජනාධිපති අනුරගේ එකම නිර්දේශයට ඒකමතිකව අනුමැතිය ලබා දෙමින්, ව්‍යවස්ථාදායක සභාවේ සියලුම සාමාජික සාමාජිකාවන් සිදුකර ඇත්තේ, චෝදනා රැසකට හා ඊට අදාළ පරීක්ෂණ රැසකට ගොදුරු වී සිටින නිලධාරියකු සම්බන්ධව ඇස් පියාගෙන අනුමැතිය ලබාදීම බව සමගි ජන බලවේගයේම ඇතැම් මන්ත්‍රීවරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පෙන්වා දී තිබේ. ඒ අනුව, මෙම නව පොලිස්පතිවරයාට එරෙහිව එන්.එම්.ඒ.එම්.කේ.එස්. සූරිය බණ්ඩාර නැමැති පොලිස් කොස්තාපල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 160/20 20 යටතේ විභාග වන මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් ද, මීට අමතරව FB/265/23 ලිපි ගොනුව යටතේ 6/11/2023 සිට ක්‍රියාත්මක මොහුට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් පිළිබඳවද SCFR/265/23 Field on 6/11’2023 විභාගයට ලක් කෙරෙන තවත් නඩු විභාගයක් පිළිබඳවද මෙහිදී  ස.ජ.බ. මන්ත්‍රීවරු හා විපක්ෂ ප්‍රධානීන් රැසක් විපක්ෂනායකවරයා  වෙත කරුණු දැනුම්වත් කර ඇත.

මීට අමතරව, මොහු වැඩ බලන පොලිස්පතිධුරයට පත් කිරීමෙන් පසුව, සංවිධානාත්මක අපරාධවල ඇති වී තිබෙන සීග්‍ර වර්ධනය පිළිබඳ දත්ත ද මෙම විපක්ෂ ප්‍රධානීන් විසින් විපක්ෂනායකවරයා දැනුම්වත් කර තිබේ. ඒහිදී ඔහුගේ යෝජනාව වී ඇත්තේ පොලිස්පති ධුරය වැනි ඉතා තීරණාත්මකව බලපාන තණතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ හා / හෝ සුදුසු නිලධාරීන්සිටියදී ජනාධිපතිවරයා එවනු ලබන නිර්දේශිත එකම නම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව අනුමත කිරීම සුදුසු නොවන බවය. අඩුම තරමින්, මේ සඳහා නම් දෙකක් යෝජනා කර ඒවන ලෙස ජනාධිපතිවරයාට දන්වා යවා ඒයින් සුදුසු පුද්ගලයකු සම්බන්ධව තම මතය ස්වාධීනව ඵල කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ යුතුව තිබුණ බව මෙම විපක්ෂ ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

විපක්ෂනායකවරයා තම අදහස සැළකිල්ලට නොගෙන ජනාධිපතිවරයාගේ ඒකම නිර්දේශය හිස් මුදුණින් පිළිගෙන ඒයට ඒකමතිකව අනුමැතිය ලබාදීමට ව්‍යවස්ථාදායක සභාව තුළ කටයුතු කිරීමෙන්, පොලිස් දෙපාර්තමේන්තුවත්, තමන්වත් පාවාදී ඇතැයි මෙම විපක්ෂ ප්‍රධානීන් තැන්තැන්වල කෙදිරි ගාන්නට පටන්ගෙන තිබේ.

මේ අතර නව පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමෙන්තුව තුළද ඇත්තේ බලවත් වියවුලක් බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දේ. ඒ පිළිබඳ විශේෂ අනාවරණයක් ඉදිරියේදී ගෙන ඒමට undergroundආපේක්ෂා කරයි. 

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x