January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උප්පරවැට්ටිය මගින්! දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදන්නේ!

1 min read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උප්පරවැට්ටිය මගින්! දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදන්නේ!
ගමේ පාසලකින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පළමු පෙල සාමාර්ථයක් සහිතව සමත්ව, ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ්වලින් ආචාර්ය උපාධිය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක, ඇමරිකාවේ විශ්වවිද්‍යාල තුනක, ජපානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක, චීනයේ RCEES ආයතනයේ, ජර්මනියේ බහුඅවයව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ, නෝර්වේහි බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේත් සේවය කරපු කෙනෙක් වශයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දශක හතරකටත් වඩා ආචාය්‍ය, මහාචාය්‍ය, ජ්‍යේෂ්ඨ මහාචාය්‍ය වශයෙන් කටයුතු කරපු හා තවදුරටත් සේවය කරන කෙනෙක් විදිහටත් මට ගම ගැනත්, නගරය ගැනත්, රට ගැනත්, ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.

ඒ ඒ රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි ගැනත් ප්‍රායෝගික දැනුමක් තියෙනවා. ලෝකයේ කිසිම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොර රහසේ, කඩිමුඩියේ, මාස කිහිපයකින් හදලා පාසල් පද්ධතියට දාලා නැහැ. ඒ වගේම ඒ ප්‍රතිසංස්කරණවල මෙවැනි මූලික වැරදි දක්නටත් නැහැ. එහෙම නම්, මේ ප්‍රතිසංස්කරණ වුවමනා කාටද? ඇයි මේ වගේ වැරදි දේවල් ඒවට ඇතුළත් කරන්නෙ? අදත් ගමේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට කොම්පියුටර් තියෙනවද? ටැබ් තියෙනවද? ස්මාර්ට් ෆෝන් තියෙනවද? QR Code scan කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද? රජයෙන් මේ පහසුකම් ලබා දීල තියෙනවද?

ජනප්‍රිය පුවත්  කටට වැට !

අද රටේ 52%ක් ජීවත් වෙන්නේ පිනට දෙන සොච්චමෙන්. එහෙම අයට තම දරුවන්ට කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට් ෆෝන් අරගෙන දෙන්න පුළුවන්ද? මේ ක්‍රමයෙන් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නෙ නැද්ද? මට නම් මේක පේන්නෙ, දුප්පත්–පෝසත් බේදය තවත් ගැඹුරු කරලා, දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදපු උප්පරවැට්ටියක් වගේ.


අන්න ඒ නිසා අප මේ ප්‍රතිසංස්කරණවලට එකහෙලා විරුද්ධ විය යුතුයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x