November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

නබි නායකතුමාගේ උපන් දිනය දා සහජීවන සැණකෙළිය!

1 min read

ඉස්ලාම් බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින ”අනාගත වක්තෘ මුහම්මද්තුමාගේ උපන් දිනය වන මිලාද් – උන් නබි” දිනය වන්නේ දෙසැම්බර් 12 වැනිදා ය. ජනාධිපති අනුර කුමාර සිය ආණ්ඩුවේ සහජීවන දිනය යොදාගෙන ඇත්තේ එම දිනය පාදක කරගෙන ය. මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ පෙළේ නායකයකු පැවසුවේ නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදී ඇති දෙසැම්බර් 12 වැනිදා සහජීවනය සඳහා වන උත්සවය ආරම්භ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉතා ප්‍රශස්ථ බවයි.

‘‘එමගින් සියළු ජන කොටස් අතර සහජීවනය ඇති කිරීමේ උත්සාහය අර්ථවත් වෙනවා. නබිනායකතුමන් ලෝකයට සාමය දේශනා කළ අනාගත වක්තෘවර‍ෙයෙක්. එවන් උතුමෙකුගේ උපන්දිනය දා සහජීවනය වෙනුවෙන් වූ වැඩසටහනක් ආරම්භ කිරීම නබිනායකතුමන්ට වගේම මුස්ලිම් ජනතාවටත් සිදු කරන ලද ගෞරවයක්” යැයි ඔහු වැඩිදුරටත් අප හා පවසා සිටියේය.

සහජීවනය සඳහා වූ රජයේ උත්සවය කොළඹ කේන්ද්‍රීයව පැවැත්වෙන්නේ දෙසැම්බර් 12,13 හා 14 යන දිනයන්හී ය. දෙසැම්බර් 14 යනු, බෞද්ධයන්ට ඉමහත් වැදගත්කමක් ගෙන දෙන පෝය දිනයකි. පෝය දිනය දා මෙබඳු උත්සවයක් පැවැත්වීම එයට සිදුකරන බාධාවක් බව අප හා අදහස් දැක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප නමක්ම පවසා සිටියහ.

ජනප්‍රිය පුවත්  වැලිකඩ තදබදය අඩුකරයි! මහින්ද ඇතුළු බර ගානක් හිරේ දාන්න සූදානම්!

මෙම සහජීවන සැණකෙළිය සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 300ක් වැය කිරීමට නියමිත ය.

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rashmi Sriyalatha
Rashmi Sriyalatha
28 days ago

ඔන්න පේනවනෙ

1
0
Would love your thoughts, please comment.x
()
x