October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

දේවගැතිවරු ව්‍යාපාර ගිල ගනිති !

1 min read

ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික බැංකු කිහිපයක් එවැන්ජලිකල් නිකායට හෙවත් බෝන් -අගේන් නිකායට අයත් දේව ගැතිවරුන් දෙදෙනකු විසින් ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනිමින් සිටිති.

මෙම දේව ගැතිවරුන් දෙදෙනා වූයේ දේව ගැති ජරම් ප්‍රනාන්දු සහ දේව ගැති කර්බ් ද ලැනරෝල් ය. මෙම දෙදෙනා විසින් අදාළ සමාගම් තුළ ප්‍රධාන තනතුරු සඳහා අනුගාමිකයන් ස්ථානගත කිරීම සිදුකරමින් සිටිති.

මෙය සිදුවන්නේ අදාළ සමාගම්වල කොටස් හිමියන්, සභාපතිවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් ගේ අනුදැනුමකින් තොරව බව ඒවායේ සේවකයන් පවසා සිටි. මේ වන විටත් මෙම දේව ගැතිවරුන්ගේ අනුගාමිකයන් අදාළ සමාගම් තුළ වැඩි බලයක් හා බලපෑමක් හිමි කරගෙන තිබේ. එමගින් සියවස් ගණනාවක බෞද්ධ සම්ප්‍රදායන් මගින් හැඩගැසී ඇති සංස්කෘතික පදනම බිඳ දැමිමේ තර්ජනයක් අදාල ආයතන තුළ නිර්මාණය වෙමින් ඇතැයි ඒවායේ සේවකයෝ අනතුරු අඟවති.

මීට අමතරව මෙම දේවගැතිවරුන්ගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව හා ඔවුන්ගේ අරමුදල් මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ. ඔවුන්ට බලවත් ව්‍යාපාරික නායකයින්ට බලපෑම් කිරීමට හැකි වූයේ කෙසේද යන ප්‍රශ්නය මෙන්ම ඔවුන්ගේ අවසාන ඉලක්කය කුමක්ද යන ප්‍රශ්නය අදාළ ආයතනයන්හි සේවකයෝ ප්‍රශ්න කරමින් සිටිති.

ජෝන් කීල්ස් ආයතනයේ පමණක් බඳවාගෙන තිබෙන සියලුම තරුණ සේවකයන් පාස්ටර් ජෙරම්ගේ සහ පාස්ටර් කාර්බ් ද ලැනරෝල්ගේ අනුගාමිකයන් වීම බලවත් ආගමික අනතුරක් බව තරුණ සේවකයන් පාස්ටර් ජෙරම් ගේ සහ පාස්ටර් කාබ්‍රය ග්ලැන්රෝල්ගේ අනුගාමිකයන් වීම බලවත් ආගමික අනතුරක් බව එම සේවකයෝ පෙන්වා දෙති

නිශාන් ශ්‍රී ගුණසිංහ Underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x