March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උද්ධමනය ඉහළට!

1 min read

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයේ දී සියයට 2.4ක් (දෙකයි දශම හතර) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමය) දක්වා වැඩි වී ඇත.

නොවැම්බර් මාසයේ දී සියයට 3.6 ක් (තුනයි දශම හය) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 4.4 ක් (හතරයි දශම හතර) දක්වා වැඩි වී ඇත.

නොවැම්බර් මාසයේ දී සියයට 1.5ක් (එකයි දශම පහ) වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 1.6 ක් දක්වා වැඩි වී ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x