November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

දෙමළාගෙන් ආතල් ගැනීම

1 min read

චරිත අත්තලාගේ නමැති ගායකයා කළ මියුසික් වීඩියෝවකින් ත්‍රස්තවාදී දෙමළ කොටි ධේනුවක් ප්‍රවර්ධනය කරන බවට සමාජ මාධ්‍යයේ කථාවක් යනවා. එම වීඩියෝව මා දුටුවේ නැහැ. එහෙම වීඩියෝවක් අත්තලාගේ විසින් කර තිබෙනවා නම් ඒ ගැන අප පුදුම විය යුතු නැහැ. මොකද හඳගමගේ ගේ ඉඳලා අත්තලාගේ දක්වා සිංහල කලාකරුවන් ඇත්තට ම කරන්නේ දෙමළාගේ වේදනාව ආතල් එකට ගැනීම පමණයි.

මොන මියුසික් වීඩියෝ හැදුවත්, මොන චිත්‍රපටි හැදුවත්, මොන පොත් ලිව්වත් – the fact remains that – ‘කොටියා සිංහයාට පැරදුණා’. කුල්ල කුජීත වෙන්න, මස්ත බාල්දු වෙන්න, බොක්ක දොට්ට එන්න පැරදුණා. ඔය මොන කොටි ධේනුව ගැන වීඩියෝ හැදුවත් උන්ගේ මහ කොටියා සිංහ පැටව් අතින් ඔළු කටු කුඩු වෙන්න මරා දැමුණා. ඒක තමයි යථාර්ථය. සමහර සිංහලයන් ඒ ගැන ආඩම්බර වෙනවා. සමහරු එය උපේක්ෂාවෙන් ගන්නවා. අත්තලාගේ වැනි සිංහලයන් පරාජය කෙරුණු දෙමළාගෙන් ආතල් ගන්නවා. ඒක නපුරුකමක් වුණත් එක්තරා විදිහකට සමාජ අවශ්‍යතාවයක්.

ඕනෑම ජාතියකට කලින් කලට එනවා තමන්ගේ පැවැත්ම නැවත තහවුරු කිරීමට අවස්ථාවක්. දෙමළ කොටි සංවිධානය විසින් සිංහලයන්ට ලබා දුන්නේ එහෙම අවස්ථාවක්. යුද්ධය ජයග්‍රහණය කළේ සිංහලයන්. දැන් කවුරු මොන කයිවාරු ගැහුවත් ඒ සත්‍යය වෙනස් වෙන්නේ නැහැ. නමුත් සිංහලයන්ට නායකත්වය දුන් රාජපක්ෂලා නොකළ දෙයක් තිබෙනවා. ඔවුන් එම යුධ ජයග්‍රහණය anchor කළේ නැහැ. බොහෝ රටවල් ඔවුන් ලද විශාල ජයග්‍රහණයක් මත තමයි ඔවුන්ගේ ඊළඟ යුගය ගොඩ නගන්නේ. යුද්ධය සමාජ මතකයේ තැබීම සඳහා රාජපක්ෂලා යුධ කෞතුකාගාර හැදුවේ නැහැ. පාසල් විෂය නිර්දේශයට යුද්ධයේ පාඩම් ඇතුළු කළේ නැහැ. ඔවුන් යුද්ධය අමතක වෙන්න හැරියා. ඒක ඔවුන්ගේ මානුෂීය ගුණයක් වුවත් දේශපාලනිකව වරදක්.

ජනප්‍රිය පුවත්  වමෙන් දකුණට නෙලීම

නමුත් ඒ අඩුපාඩුව අත්තලාගේ වැනි සිංහල කලාකාරයන් විසින් සපුරාලනවා. ඔවුන්ගේ නිර්මාණ හරහා සිංහලයන් ලද ජයග්‍රහණය නැවත මතක් කරවනවා. ඔවුන් එය කරන්නේ ඉතාම දක්ෂ විදිහට. ඔවුන් එක පැත්තකින් දෙමළාගේ පරාජයේ තුවාලය කූරු ගානවා. දෙමළාගේ වේදනාව අවසන් වන්නට නොදී ඔවුන් එය නැවත නැවත මතු කරනවා. අනෙක් පැත්තෙන් ඔවුන් සිංහලයන්ට ඔවුන්ගේ ජයග්‍රහණය ආවේගාත්මකව මතක් කරවනවා. සමහරු කියනවා මුහුදු කොටින්ට නොතිබුණු තාක්ෂණයක් එම වීඩියෝවෙන් පෙන්වනවා ය කියා. ඒක තවත් හොඳයි! එයින් අත්තලාගේ කියන්නේ සිංහලයන් විසින් පරාජය කර තිබෙන්නේ ඒ සා දියුණු සතුරෙකු බවයි. සතුරා ප්‍රබල ලෙස වර නැගීම සිංහලයාගේ ජයග්‍රහණය ම තව තවත් උසස් කිරීමක්. මේ සෙල්ලම තව කාලයක් යන කොට පුරාවෘත්තයක් බවට පත් වෙනවා.

දෙමළාගේ පරාජය ගැන දෙමළා ම දුක් වීම වෙන කථාවක්. ඒක සාධාරණ මිනිස් අයිතියක්. ඒ වගේ ම එයින් ඔවුන් නැවත අනාගතයේ සිංහලයාට එරෙහිව නැගී සිටින්න අවශ්‍ය මතකය පවත්වා ගන්නවා. එහෙම නැගී සිටීමක් අවශ්‍යයි. මේක තමයි ඓතිහාසිකව නැවත නැවත සිද්ධ වෙන ආර්ය-අනාර්ය අරගලය. ඒ හැම යුද්ධයක ම අවසාන ප්‍රතිඵලය තමයි ආර්යයන් ජය ගැනීම. නමුත් ජයග්‍රහණය කළ සිංහලයන් විසින් ම දෙමළාගේ වේදනාව ගැන නිර්මාණ කිරීම නම් අන්තිම ජාතිවාදී අහංකාරකමක්. ඔබ විසින් පරාජය කළ එකාගේ වේදනාවට ඔබ ම අනුකම්පා කිරීම තරම් අධිමාන සුචරිත සූචක නපුරුකමක් තවත් නැහැ. අත්තලාගේ කරන්නේ එයයි.

ජනප්‍රිය පුවත්  අයියෝ සාමී… දැන් සෙනග ඉල්ලෛ..!!

ඔය කියන වීඩියෝවට කාන්තාවක් ම භාවිතා කිරීමත් අහම්බයක් නොවෙයි. හඳගම සහ අත්තලාගේ වැනි කලාකාරයන්ගේ අවිඥානක කාම ආසාව තමයි පරාජිත ප්‍රජාවේ කාන්තාව. ඔවුන්ගේ නිර්මාණ හරහා ඔවුන් කරන්නේ පරාජිත පිළේ කාන්තාව තමන්ට යටත් කර ගැනීමට ඔවුන් තුළ ඇති කාම වේගය සන්තර්පණය කිරීමක්. ඒ මදිවාට දෙමළාගේ වේදනාව හරහා අත්තලාගේ මුදල් ඉපැයීම නම් හෙන ම කැත වැඩක්. නමුත් ඒක දෙමළාගේ පරාජය ඔවුන්ගේ මූණේ අතුල්ලන අපූරු ක්‍රමයක්. සමහරු කියනවා ඕකට දෙමළ ඩයස්පොරාවෙන් ඔහු මුදල් ගත්තා ය කියා. මම නම් එහෙම හිතන්නේ නැහැ. නමුත් එහෙම ගත්තා නම් ඒක තවත් නපුරුයි. උන්ගේ ම සල්ලිවලින් උන්ගෙන් ම ආතල් එකක් අරගෙන. දිස් ඉස් පොලිටික්ස්.

එරන්ද ගිනිගේ ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x