January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිනෙන් දින පිත්තල වූ නත්තල!

1 min read

විවිධ ආගම්, සිරිත් විරිත් වැනි සංස්කෘතික අංග හා සම්බන්ධ වන උත්සව හැම රටකම පාහේ දකින්නට ලැබෙනවා.

එවැනි සංස්කෘතික උරුමයන් එම උත්සවයන් සමරණ ජන කොට්ඨාස වලට රන් හා සමානව වටිනවා.

ඒ පිරිසිඳු මිනිස් හදවත් රත්තරන් වලටත් වඩා වටින නිසා.

ආගම් හා දර්ශන ලොවට පහළ වන්නේ මිනිස් සන්තානය තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික ගුණෝපේත බව අතීතයට පමණක් නොව වර්තමානය ඔස්සේ අනාගතයටත් වටිනා නිසයි.

අද දින සමරන නත්තලටත් එවන් වටිනාකමක් ලෝක ප්‍රජාව විසින් දී ඇත්තේ නත්තල යේසු උපත හා සම්බන්ධ වන නිසයි.

වසර 2025 කට ඉහතදී යේසු බිළිඳුන් බෙත්ළෙහෙමෙදී ලොවට බිහි වන්නේ ඉදිරියේදී ගොඩනැගෙන ලෝකයට සත්‍යයේ හා යුක්තියේ අවශ්‍යතාවය නැවත නැවතත් මතක් කර දීමටයි.

අදටත් බුදු දහම අලෙවි නොවී පවතින්නේ ඉහත කී ධර්මතාවය නොනැසී පළුදු නොවී ආරක්‍ෂා වී තිබීම නිසයි.

බෞද්ධයින්ට වෙසඟ දිනය වැදගත් වන්නාසේම ක්‍රිස්තියානි ප්‍රජාවටත් යේසු උපත වැදගත් වන්නේ ගව ලෙනක උපන්නත් යේසු බිළිඳා දිනෙක කයින් හා මනසින් ශක්තිමත් තරුණයකුවී එතුමන් ජීවත් වූ යෙරුසලමේ අසාධාරණ පාලනයටත්, ජඩ පූජකයින්ගේ අමානුෂික බවටත්, ධනවත් වීමේ ආශාවෙන් ජනතාවට පීඩාකාරී අන්දමින් අධික මිළ ගණන් වලට භාණ්ඩ විකුණන වෙළෙන්දන්ටත් එරෙහිව නැගී සිටි නිසයි.

ජනප්‍රිය පුවත්  ප්‍රජා ශක්ති තනි පක්ෂ ශක්තියකට ද ?

එදා රෝම පාලකයින් යේසුතුමන්ව සිර භාරයට ගෙන කුරුසියේ ඇණ ගසන්නේ, යේසු චින්තනය, ධනවත්කම හා බලය මත ජීවිත ගොඩනංවන අනාගත පරම්පරාවලටත් තර්ජනයක් විය හැකි නිසයි.

“ලබ්බට තැබූ අත පුහුලටත් තබන්නා සේ”
එදා යේසුස් වහන්සේව මරා දැමීමට තීරණය කළ පව්කාර රෝමවරුන් විසින්ම (වසර තුන් සියයකට පමණ පසු )යේසුස් වහන්සේ මරණයෙන් උට්ඨානය වූ දෙවි කෙනෙක් බව කියා යේසූ උපතට දේශපාලන මුහුණුවරක් හා අන් සතු වස්තු කොල්ලකන ම්ලේච්ඡ මානසික ස්වභාවයක් ආරෝපණය කළා.

කතෝලික ආගම වැළඳ ගත් බටහිර යුරෝපීය රටවල් ආසියානු, අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රටවල් ආක්‍රමණය කරමින්, එම රටවල්වල ස්වදේශික ජනතාව මිලියන ගණනින් මරා දමමින් සාමකාමීව පැවතුණු ලෝකයක් අපායක් බවට පත්කළා.

ඔවුන් ගිය ගිය තැන යේසු උපත සටහන් කළේ මිහිතලය මත වගුරු වන ලේ වලින්.

ඔවුන් විසින් කොල්ල කෑ රටවල්වල මිනිසුන් අන්ත දුගී තත්ත්වයේ තබා කොල්ලකෑ රත්තරන්, මුතුු මැණික්, කුළුබඩු වලින් මුළු යුරෝපයම පොහොසත් කරමින් යටත් විජිත දිලින්ඳන්ගෙන් සමන්විත තුන් වන ලෝකයක් නිර්මාණය කරණු ලැබුවා.

ජනප්‍රිය පුවත්  දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

ආක්‍රමණවලදී මේ රටවල් වලට හඳුන්වා දුන් කඩුව සහ බයිබලය
තමන් විසින් කොල්ලකා යටත් කරගත්
රටවල්වල තමන්ට පක්ෂපාතී රජවරුන්ට හා නායක කාරකාදින්ට තෑගි වශයෙන්දී එම සමාජවල තිබුණු පෞරාණික බව අකා මකා දමා පාලකයින් සහ පාලිතයින් අතර තිබූ බැඳීම හා අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කර හැමදාමත් මරාගන්නා රටවල් බිහිකර ලෝක සිතියම වෙනස් කළා.

යේසුස් වහන්සේ යනු බුදුන් වහන්සේට පසුව ලොවට පහළ වුණු ශ්‍රේෂ්ඨතම අහිංසාවාදියා.

උන්වහන්සේට හරියට කෑම වේලක්වත් වෙලාවට ලැබුණේ ද යන්න කවුරුත් විමසා බැලුවේ නැහැ.

එහෙත් යේසු උපත සමරන දෙසැම්බර් මස 25 වැනිදාට මුළු ලොව පුරාම සිටින ගවයින් ඌරන් බැටළුවන් කුකුළන්, ටර්කි වැනි අහිංසක සතුන් බිලියන ගණනින් ඝාතනය කර ඒ සතුන්ගේ ලෙයින් මහ පොළොව තෙත් කරමින්
කිතුණු බැතිමතුන්ට දිව්‍යලෝකයකුත්, කිතුනු දිළින්දන් පාන් රොඩ්ඩක් කා ඇල් වතුර බී දවස ගෙවන එහෙත් කිතුණු පමණක් නොව ඊනියා බෞද්ධයිනුත් අහිංසක සතුන්ගේ මස් වලින් කුස පුරවා ගනිමින්, මත්පැන් පානය කරමින්,
නැටුමෙන් ගැයුමෙන් ප්‍රබෝධමත් වෙමින් දිළිඳන්ට එදා බෙත්ලෙහෙමේ ගවලෙනක සීතලේ ගැහෙමින් මරිය මාතාවට තුරුළු වී උණුසුම සෙවූ ජේසු බිලින්දෙකුගේ කතාව ඉහළම ලන්සුවකට වෙළඳපොලේ අලෙවි කරති.
කතාව නම් නත්තල චාම්ව සමරමු කියායි.

ජනප්‍රිය පුවත්  පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

මිනිස් ජීවිත 1000 කට වඩා බිළිගනිමින් ගේ දොර උන්හිටි තැන් අහිමි කරමින් ඇතිකළ දැවැන්ත විනාශයකට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අවස්ථාවක වියරුවෙන් මෙන් නත්තල් ගස් හා සැරසිලි සොයන බෞද්ධයයි කියාගන්නා මිනිසුන්ද කොළඹ වීදි සැරි සරන අන්දම රූපවාහානී තිර මත ප්‍රදර්ශනය වුණා.
සමහරු ප්ලාස්ටික් නත්තල් ගස් රුපියල් 20,000 ක පමණට මිළදී ගන්නා ආකාරයත් අප දුටුවා.

යේසු උපත හා සබැඳුණු රත්තරන් නත්තල වසර දෙදහස් 2025 ගෙවෙන මේ මොහොතේ පිත්තල බවට හැරුනේ නත්තලේ අසිරියත් උදුරාගෙනයි.

යේසු උපත පිළිබඳ කතාව මානව සංහතියට ඉතිරි කළ ශ්‍රේෂ්ඨතම පණිවිඩය උන්වහන්සේ එදා කල්වාරි කඳු මුදුනේ කුරුසයක් මත මියගියේ නැතිි බවත්, රහසිගතව කාශ්මීර දේශයට ගොස් බෞද්ධ භික්ෂුවක් ලෙස විදර්ශනා වඩා තමන් එතෙක් සෙවූ විමුක්ති මාර්ගය සොයා ගත් බවයි.

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

2

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x