March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දසුන සහ සසුන

1 min read

මේ සිටින්නේ, ආණ්ඩුවේ උත්සවයකට ආරාධනා ලැබ පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා සහ කිතුණු පූජකතුමෙකු ඇතුළු ගිහි පිරිසකි. භික්ෂූන් වහන්සේලා කොටසක් මෙහි වැඩ සිටින්නේ ගිහියන්ට පිටුපසිනි. අපේ රටේ ඓතිහාසික සම්ප්‍රදායට අනුව එනම් මහා සම්මතයට අනුව එය එසේ විය හැකි නොවේ.

ලාල් කාන්ත භික්ෂුන් හඳුන්වන්නේ ‘‘වනචාරියා“ ලෙස ය. ත්‍රිකුණාමලයේ ජ.වි.පෙ. මන්ත්‍රී ගොබිලා බලංගොඩ කස්සප හිමියන්ට ප්‍රසිද්ධියේ හඳුන්වන්නේ, ‘‘කස්සප“ කියා ය. මහා සම්ප්‍රදායට අනුව අන්‍යාගමිකයකුවත් භික්ෂූන් වහන්සේට නමින් පමණක් ආමන්ත්‍රණය කරන්නේ නැත.

මේ ඡායාරූපය අප උපුටා ගත්තේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනවිගේ මුහුණු පොතෙනි. එහි පළ කර ඇති තව ඡායාරූපයක භික්ෂූන් වහන්සේට යාබදව අසුන්ගෙන සිටින්න්නේ තරුණියකි. මහා සම්මතයට අනුව එය ද සිදුවන්නක් නොවේ.

මේ ආණ්ඩුව ගසමින් සිටින්නේ භික්ෂුවගේ ප්‍රතිරූපයට ය. භික්ෂුවගේ බලයට ය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් සංඝරත්නයට ය. සංඝරත්නයට ගැසු විට ධම්මරත්නය ද, බුද්ධරත්නය ද පසෙකට කිරීම අසීරු නැත. සමාජ මාධ්‍යවල ආණ්ඩුවේ කුණුහරුප බලකාය රාජාංගනේ සාදුට සාදුකාර පිරිගමන ගමන් මුරුත්තෙට්ටුවේ හිමි වැනි භික්ෂූුන්ට කුණුහරුප ප්‍රතිචාර දක්වන්නේ ආණ්ඩුවේ නායකයන්ගේ මඟපෙන්වීම පරිදි ය. මෙය 76 වසරක දී අපේ සමාජය අත් නොවිඳී තත්ත්වයක් බව පැහැදිලිය.

ජනප්‍රිය පුවත්  ඉඩම් හිමි ජෙප්පෝ! කප්පන් කප්පිත්තෝ!

භික්ෂුවට මෙසේ කුණුහරුප බසින් සලකන කිසිවකු අන්‍යාගමික පූජකතුමෙකුට අදාළව එවැනි ප්‍රතිචාර දක්වන්නේ නැත. ප්‍රශ්නය පවතින්නේ අපට උරුම මහා සංස්කෘතිය සමඟ ය.

ධාතු පෙන්වා සසුනට ගැහීම ජනාධිපතිවරයාගේ උපාය වී තිබේ. සසුන රැකීම ගිහි – පැවිදි දෙපිලේම වගකීම ය. දහම රැකෙන්නේ සසුන තිබුනොත්ය. සසුන රැකෙන්නේ මේ නිරාගමික පාපතරයන්ට එරෙහිව ගිහි – පැවිදි බලය බලවත්ව නැගී සිටීමෙන්ය.


එය මගහැර දහම රැකෙන්නේ නැත. අපට උරුම මහා සම්ප්‍රදාය ආරක්ෂා වන්නේ ද නැත.

භික්ෂූන් වහන්සේට යාබදව තරුණියක් අසුන්ගෙන සිටින ආකරය
ඡායාරූප උපුටාගත් බුද්ධශාසන ඇමතිවරයාගේ මුහුණු පොත;
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x