තොරතුරු දෙන්න එපා! තොරතුරු කොමිෂමට ආණ්ඩුවෙන් බලපෑම්!
1 min read
ජාතික ජන බලවේග ආණ්ඩුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුව විසින් ඒල්ල කරනු ලබන බලපෑම් හේතුවෙන් තොරතුරු කොමිෂමේ සාමාජිකයෙකුව සිටි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවද වාර්තා වන අතර එම ආයතනයේ ස්වාධීනත්වයට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වූ කැෆේ (CaFFE) සංවිධානයේ හිටපු ප්‍රධානී තෙන්නකෝන් මහතා පවසයි.
ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ, හෝටල් නිපොන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ, තොරතුරු කොමිෂමේ සාමාජිකයෙකුව සිටි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම ආයතනයේ ස්වාධීනත්වයට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් බවයි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
