November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රිකුණාමලයේ පන්සල කඩන්න පරිසරයෙන් නියෝග! හාමුදුරුවන්ට ”ඔබ” ලු!

1 min read

ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් ඉදිකිරිම්, අනවසර ඉදිකිරිම් ලෙස සළකා කඩා ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම්, කේ.ආර්. උඩුවාවල වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබේ. ඒ බව දක්වා ඇත්තේ ඉහත කී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යානවංස තිස්ස හිමියන් අමතා යවා ඇති ලිපියක් මගිනි. 2025.10.16 දාතම සහිතව යවා ඇති එම ලිපියේ, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යානවංස තිස්ස හිමිට ආමන්ත්‍රණය කර ඇත්තේ, ”ඔබ වහන්සේ” යනුවෙන් නොව ගිහි පුද්ගලයකුට ආමන්ත්‍රණය කරන අයුරිණි.

”ඔබ” යනුවෙන් අදාළ භික්ෂූන් වහන්සේ අමතමින් පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල නැමති ගොබ්බයා පන්සල කඩන බවට දන්වා යවා ඇති ලිපිය මේ සමඟ වේ. පුනරුද ආණ්ඩුවේ උණ හොඳටම වැළදී සිටින මෙබදු ගොබ්බයන් ”කර්මය” විසින් බලාගනු ලබනු ඇතැයි අවධාරණය කළ යුතුව තිබේ.

පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යානවංස තිස්ස හිමිට යොමුකර ඇති ලිපිය පහතින්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x