තහනම් බලුකිස්තාන ත්‍රස්තයන්ට ඉන්දියාව විදේශ ගමන් පත්‍ර ලබා දීලා !ලංකාවත් අනතුරේ !
1 min read
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන ලද “බලුකිස්ථාන විමුක්ති හමුදාවේ” (BLA) සාමාජිකයන්ට ඉන්දිය රජය තම ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව අනාවරණය වී තිබේ. ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර හිමිවූවන්ට වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බැවින්, ඒ හරහා BLA ත්‍රස්ත සංවිධාන සාමාජිකයන්ද ඉන්දියානු ගුවන් ගමන් බලබත්‍ර සහිතව ශ්‍රී ලංකාව තුළට විශාල වශයෙන් ඇතුල් වී ඇතැයි ආරක්ෂක අංශ අනතුරු අඟවයි.
පාකිස්ථානයේදී මෙම BLA ත්‍රස්ත සංවිධානය විශේෂ වශයෙන් ඉලක්ක කර සිටියේ චීන ජාතිකයන් සහ චීන ආයෝජන ඇතුළත් ව්‍යාපෘති ය. එම ප්‍රහාර හරහා චීන ආයෝජන පසුබැස්සවීමට, කලාපයේ භූ දේශපාලන ආතතීන් තවත් තීව්‍ර කරවාලීමට BLA ත්‍රස්ත සංවිධානය යොදා ගැනීම පසු ගිය කාලය පුරාම සිදු වී තිබේ. මෙම සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ ත්‍රස්ත සංවිධාන (FTO) ලැයිස්තුවට සහ BLA සහ එහි මරාගෙන මැරෙන ප්‍රහාරක අංශය වන ‘මජීඩ් බලකාය’ නැවත ඇතුළත් කරන ලද අතර, ‘මජීඩ් බලකාය’ දැන් නිල වශයෙන් BLA හි අන්වර්ථ නාමයක් ලෙසම පිළිගෙන තිබේ. පාකිස්ථානයේ BLA ත්‍රස්ත ප්‍රහාරවලින් නැවත නැවතත් ඉලක්ක කර ඇති චීන ව්‍යාපෘති (යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති) මෙන්ම, ශ්‍රී ලංකාවේද ප්‍රධාන යටිතල ව්‍යාපෘති ගණනාවක සහකරුවා වී සිටින චීනයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති ඉලක්ක කරගෙන ඉදිරියේදී මෙම ඹ්ළැ ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් වෙතැයි, බුද්ධි අංශ මගින් රජයට අනතුරු අඟවා තිබේ.
” BLA සාමාජිකයන් සදහා ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමෙන් සිදුවන්නේ ඔවුන් ප්‍රමාණවත් පරික්ෂාවකින් තොරව ශ්‍රී ලංකාව තුළට අවතීර්ණ වීමත්, එමගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඕනෑම චීන රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද, වරාය සහ විදුලි බලාගාර ව්‍යාපෘතිවල ස්ථානගත කර ඇති චීන ඉංජිනේරැවන් හා චීන ඉදිකිරීම් කණ්ඩායම් වලට ද, Belt and Road මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති වලටද ඉමහත් අනතුරුදායක තත්වයක් වර්ධනය වීමේ හැකියාව හිමිව තිබෙන බව” මෙම බුද්ධි අංශ ප්‍රධානීන් අනතුරු අඟවා තිබේ.
බලුකිස්ථානය, පාකිස්ථානයට එරෙහිව වෙනම රාජ්‍යයක් ලෙස බලගැන්වීම ඉන්දියාවේ උපායමාර්ගික උවමනාව වී තිබේ. ඒ සඳහා ඉන්දියාව, බලුකිස්ථාන බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානය වෙත විවිධ අයුරින් අනුග්‍රහ සපයන බව දිගු කාලයක සිට පාකිස්ථානය චෝදනා එල්ල කර ඇති නමුත්, ඒ හැම චෝදනාවකටම වඩා මෙවර එල්ල වී ඇති චෝදනාව බරපතළ වන්නේ, ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර BLA ත්‍රස්ත සාමාජිකයන්ට ලබාදීමට ඉන්දියාව පියවර ගැනීමත් එමගින් ශ්‍රී ලංකාව ද බරපතළ අනාරක්ෂිත නව ඉරණමකට ගොදුරු කර තිබෙන බැවිණි. එවැනි නිල ලියකියැවිලි ත්‍රස්තයන් සතුව තිබීම හේතුවෙන්, බදු අයකරන බලප්‍රදේශ වලින්, විශේෂයෙන්ම ඉන්දියාවට මනාප වීසා ගිවිසුම් භුක්ති විඳින තැන්වලින් සංක්‍රමණික පරික්ෂාව මඟ හැරීමට ත්‍රස්තවාදීන්ට හැකියාව හිමි කර දීම සිදුවේ. ඒ හරහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක “චීන ආයෝජන” හා “යටිතල පහසුකම් ව්‍යාපෘති” පමණක් නොව, චීන රාජ්‍යතාන්ත්‍රිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක් වුව දියත් කිරීමට ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර සහිතව ශ්‍රී ලංකාවට පැමිණෙන BLA ත්‍රස්තයන්ට අවස්ථාව ලබා දෙනු ඇති බවද බුද්ධි විශ්ලේෂකයෝ අනතුරු අඟවා සිටිති.
(ආරක්ෂක වාර්තාකරු)
UnderGround