තවත් බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට!
1 min read
නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි රහස් පොලීසිය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවේය. මීට පෙර හිටපු නාවික හමුදාපති උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත් චෝදනාව හා 296 වගන්තිය පදනම් කරගෙන අත්අඩංගුවට ගනු ලැබූ සරත් මොහොට්ටි මහතා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. ඒ, පොල්ගහවෙලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
CID ය විසින් දිගින් දිගටම නාවික හමුදා හිටපු බුද්ධි ප්‍රධානින් අත්අඩංගුවට ගනු ලබන්නේ නාවික හමුදාවේ හිටපු නිලධාරියකු වන මේ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කරන වෙළගෙදර නමැති පුද්ගලයා සමග එක්ව CID ප්‍රධානී ශානි අබේසේකර සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකට අනුව බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කර සිටී. මීට අමතරව මෙම ක්‍රියාන්විතය සඳහා දැනට විදේශගතව සිටිනා නීතිඥ වැලිඅමුණ සහ නීතිඥ ක්‍රිෂාන්ත ද සිල්වා යන අය ද සහයෝගය ලබා දෙන බව අප වෙත වාර්තා වී ඇත.
රියර් අද්මිරාල් සරත් මොහොට්ට් මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු ඉතා ප්‍රශස්ත ලෙස තම රාජකාරිය ඉටු කළ නිලධාරියකු බව නාවික හමුදා ආරංචි මාර්ග අප වෙත අවධාරණය කර සිටි.
CID අධ්‍යක්ෂ ශානි අබේසේකර නාවික හමුදා ප්‍රධානීන් පසුපස හඹා යමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනුයේ, දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට බව ද වාර්තාවේ.
යුද ගැටුම් පැවති සමයේ එල්.ටී.ටී.ඊ පාවෙන අවිගබඩා විනාශ කිරීමට ක්‍රියා කිරීම හා ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යන විට ඔහුව නිරුපද්‍රිතව රැගෙන ගොස් ආරක්ෂා කිරීම යන කරුණු හේතු කොටගෙන නාවික හමුදා නිලධාරීන් පසුපස මෙම දඩයම ක්‍රියාත්මකව තිබේ.
ඉදිරියේදී තවත් හිටපු නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අපගේ ආරංචි මාර්ග සනාථ කර සිටි.
වින්දන පෙරේරා underground වාර්තාකරු