January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තඹුත්තේ ගමයින්ගේ…වසන්තය!

1 min read

මේ ආණ්ඩුව තරම් හිතාමතාම, සංවිධානාත්මකව ගොවියා විනාශ කළ ආණ්ඩුවක් තවත් තිබී නැහැ.
වසන්ත සමරසිංහ හිතාමතාම ශ්‍රී ලංකාවේ ළූණු අස්වැන්න නෙලන කාලයේ ඉන්දියාවෙන් ළූණු ගෙනාවා.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා දෙගුණයක් ළූණු ගෙනල්ලා ගොඩ ගැහුවා.
ඇයි ඒ ?
මේ වතාවේ ලංකාවේ ගොවියන්ගේ ළූණු කුණු වෙනවා. ගොවියන්ට ළූණු විකුණගන්න බැරි වෙනවා.
මෙහෙම වුනාම ලංකාවේ ගොවියො තව අවුරුදු තුන හතරකට ළූණු වගා කරන්නේ නැහැ.
ඒ සාමාන්‍ය රටාව.
එතකොට කාටද වාසි ?
තක්කඩි, හොර වසන්ත සමරසිංහට.
වසන්ත සමරසිංහට තව අවුරුදු තුනකට, හතරකට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්දියාවෙන් ළූණු ගේන්න පුලුවන්.
බය නැතුව කොමිස් ටික සාක්කුවට දාගන්න පුලුවන්.
අද ලාල් කාන්ත පාර්ලිමේන්තුවේ කියනවා ලබන අවුරුද්දේ ළූණු ගොවියට රුපියල් 150 ක සහතික මිලක් ලබා දෙනවා කියලා.
නමුත් මේ තක්කඩියන් සඟවන රහස ලබන අවුරුද්දේ ලංකාවේ ගොවියන් ළූණු වගා කරන්නේ නැහැ.
ළූණු විතරක් නෙවෙයි.
අර්තාපල් අස්වැන්න නෙලන අවස්ථාවේත් මේ තක්කඩි ආණ්ඩුව හිතාමතාම මේ ක්‍රියාවලිය සිදු කළා.
ඔවුන් ගිය වසරට වඩා දෙගුණයක් අර්තාපල් ඉන්දියාවෙන් ගෙනැවිත් ලංකාවේ ගොඩගැහුවා.
අල ගොවියාත් ඉවරයි. දේශීය අර්තාපල් මිල පහලට වැටුණා. අස්වනු අපතේ ගියා.
ඒ විතරක් නෙවෙයි.
උඳු සහ තවත් නිෂ්පාදන රැසකටම හිතාමතාම, අස්වනු නෙලන කාලයේම පිටරටින් ඒ නිෂ්පාදන ලංකාවට ගෙනාවා.
ගොවියන්ට අතට ලැබෙන මුදල සීමා කළා.
ඒ ආකාරයෙන් ගොවියා අදෛර්යමත් කළා.
ලබන අවුරුද්දෙ කිසි කැතක් නැතුව කහ, උදු වල ඉදලා ළූණු, අර්තාපල් දක්වාම වසන්ත සමරසිංහට ඉන්දියාවෙන් ගේන්න පුලුවන්.
දැන් මේ ඉන්දියාවෙන් ආහාර ආනයනය කරන ව්‍යාපාරය මෙහෙයවන අලුත් මාෆියාවක් හැදිලා තිබෙනවා.
පැහැදිලිවම ඔවුන් වසන්ත සමරසිංහට සම්බන්ධ, වසන්ත සමරසිංහගේ ගෝලයො.
මේක අහම්බයක් නෙවෙයි.
හිතාමතාම කරපු, තක්කඩි වැඩක්.
අතීතයේ ඉඳපු ‘හොරු’ කියන මිනිස්සු කවදාවත් ගොවීන්ට මේ විදියට තිරිසන් වැඩ කරලා නැහැ.
සල්ලි වලට කෑදර, තමන්ගේ රටේ ව්‍යාපාරිකයාගෙන් පවා කප්පම් ගන්න තරම් හොරු රටේ ප්‍රධාන අමාත්‍යාංශ වල තනතුරු ගත්තම මෙහෙම වීම පුදුමයක් නෙවෙයි.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව කැළණිය හරහා පැලවත්තට කඩා වැටීම

උපුටා ගැනීම: Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x