October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

තඹුත්තේගමයාගේ කොටි මෙහෙයුම

1 min read

පසුගියදා යාපනයට ගිය ජනාධිපති අනුර දිසානායක රැස්වීමක දී ප්‍රකාශ කළේ ඉදිරියේදී තමන් සංහිඳියාව ඇති කිරීම සඳහා ආන්දෝළනයට තුඩු දිය හැකි තීරණ ගන්න පැකිළෙන්නේ නැති බවයි. ඊට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියා කියා සිටියේ, මෙවර ජීනිවා සමරුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද සෙසු යෝජනාවන්ට වඩා මෘදු යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් සිතනා බවයි. එමෙන්ම,මීට මාස කීපයකට පෙර, ලංකාවට පැමිණි ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරයා තමන් හමු වූ උතුරේ දෙමළ පක්ෂ නියෝජිතයන්ට ප්‍රකාශ කරනු ලැබුවේ, ඔවුන්ගේ දුක් ගැනවිලි  සියල්ලටම මෙවර මානව හිමිකම් කොමිෂමට ගෙන එනු ලබන යෝජනාව මගින් පිළිතුරු ලැබෙනු ඇති බවයි.මෙම ප්‍රකාශ තුනම වෙන වෙනම නොව, එකට ගෙන විමසා බැලූ කළ තඹුත්තේගමයා සූදානම් වෙන්නේ, කුමන පොල් පැලය කෑමට ද යන්න වටහා ගැනීම අසීරු විය හැකි නොවේ.

ජිනීවා මහත්වරු දිගින් දිගටම පවසන්නේ ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂීය මෙහෙයුම යුධ අපරාධ වෙතින් පිරී පවතින්නක් බවය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා, මානව සංහාරයන්ට වගකිව යුතු බවය. එබැවින් ඊට එරෙහි, විශේෂ කොමිෂන් සභා, විශේෂ ස්වාධීන අධිකරණ, විශේෂ ස්වාධීන අභිචෝදක කාර්යාල පිහිටුවා විශේෂ නීති යටතේ නඩු පවරා විභාග කර වැරදිකරුවන්ට දඩුවම් කළ යුතු බවය. මෙවර මානව හිමිකම් කොමිෂමට කැනඩාව හා එංගලන්තය එක්ව ගෙන එනු ලබන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව ද මෙම සුපුරුදු අරමුණු පෙරදැරි කර ගත්තක් වනු ඇති බව ඉතා පැහැදිළිය.

ආණ්ඩුවේ ඇත්තන්ගේ ”ඉඟි බිඟි” වලින් පෙනී යන්නේ, මෙවර ගෙන එනු ලබන මීට අදාළ යෝජනාව ශ්‍රී ලංකාව දොහොත් මුදුන් දී පිළිගැනීමට නියමිත බවය. එනම්, එම යෝජනාවේ සම අනුග්‍රාහකයන් බවට පත්වීමට සූදානම් වන බව ය. ශ්‍රී ලංකා රජය මගින්ම පිහිටුවනු ලබන විශේෂ ආයතන පද්ධතියක් හා ක්‍රමවේද හරහා  දෙමළ ජනයාට එරෙහි යුද අපරාධ සිදු කළ බවට සනාථ කරන ලදහොත්, ජාත්‍යන්තර පිළිගැනීම යටතේ ”දෙමළ ඊළම” නිර්මාණය කිරීමේ අමාරුවක් නොවන බව ජිනීවා මානව හිමිකම් ආයුධය වනනා සියල්ලෝම නොදන්නවා නොවේ.

ඒ හා සමගම පළාත් සභා මැතිවරණය පවත්වා, මහ ඇමතිට හීලෑ ආණ්ඩුකාරයකු පත්කරන ලද විට, පළාත් පොලිස් ප්‍රඥප්තිය, පළාත් ඉඩම් ප්‍රඥප්තිය, පළාත් මුදල් ප්‍රඥප්තිය ආදී පළාතට අදාළ වෙනම නීති හා ආයතන ස්ථාපිත කර ගැනීම සිදු කරනු ඇත. පසුව මධ්‍යම ආණ්ඩුව හා පළාත් ආණ්ඩුව අතර ගැටුමක් ඇති කර එම ගැටුම ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන ගොස්, එහි තීන්දුවකට අනුව උතුර හා නැගෙනහිර දෙමළ ඊළම් රාජ්‍යය බිහි කර ගැනීම සිදු කර ගනු ඇත. ඉන්දුනීසියාවෙන් වෙන්වූ නැගෙනහිර ටිමෝරය බිහි කෙරුණේ ඒ අන්දමට ය.

තඹුත්තේගමයා, මෙතෙක් බලයේ සිටි කවර පාලකයකුටත් වඩා වැඩියෙන් මේ සාපරාධී අරමුණ සමඟ එකට පෙළ ගැසී සිටී. ඔහු උතුරට ගොස් දකුණු ඉන්දියාවේ තලපති විජේට ”චන්ඩි පාට්” දාන්නේ, අගමැති මෝඩි ඉදිරියේ බලු කුක්කකු බවට පත්ව අත්සන් තබන ලද හොර ගිවිසුම් හතේ කැත වසාගන්නට ය. ලංකාවේ රන්ජන් රාමනායක ඉන්දියාව ගැන ”චන්ඩි කතාවක්” කළ පමණින් ඉන්දියාවේ අගමැතිවරයා එයට ප්‍රතිචාර දක්වන්නේ නැත. බයිස්කෝප්කාරයකු වූ තලපති විජේට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් කවුරුවත් නොව තඹුත්තේගම දිසා ය. මේ හැම ජවනිකාවක්ම රඟ දැක්වෙන්නේ, රණවිරුවන් බිල්ලට දී, කොටි හිතවාදී කල්ලි හා ජාත්‍යන්තර බලවේග පිනවන අරමුණට බව ඉතා පැහැදිළිය.

එදා තිබුණු ජ.වි.පෙ. අද නැත. අද ඇත්තේ කොටි පිනවන, රට වළලන ජ.වි.පෙ. කි. තඹුත්තේගමයා නටන්නේ කොටි පදයට බව පැහැදිළි ය.! රටේ ජනතාව තවදුරටත් මේ නැටිල්ල නටන්නට ඉඩදී බලා සිටියහොත් අනාගත පරපුරට ජීවත් වීමට සිදුවනු ඇත්තේ සදාකල් මරා ගන්නා කැබැලි හා දුබල අසමත් රාජ්‍යය දෙකක ය! දෙකම වෙන වෙනම ගිල ගනු ඇත්තේ බටහිර බලවතුන් ය.! ඒ දෙසට රට රැගෙන යන තඹුත්තේගමයාට ඉඩ දී අප කොතෙක් කලක් බලා සිටිය යුතු ද? 

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x