තංගල්ල නගර සභාවේ සහ කළුතර ප්‍රාදේශිය සභාවේ අය වැයත් මාලිමාව පරාදයි!
1 min read
ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ සහ කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(20) පරාජයට පත්විය.
එහිදී තංගල්ල නගර සභාව සඳහා ඉදිරිපත් වූ අයවැයට පක්ෂව ඡන්ද 09ක් ලැබී තිබු අතර විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම කළුතර ප්‍රාදේශිය සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් අයවැය ඉදිරිපත් කරනු ලැබීය.
එය සම්මත කරගැනීමට පෙර සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.
පසුව ලේකම් එරංග දේවපුර මහතා ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ කෙරිණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 15 අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රී වරුන් විරුද්ධව ඡ්න්දය ප්‍රකාශ කරන ලදී.
