ඩිජිටල් හැදුනුම්පත ඉන්දියාවට දීමට එරෙහිව ගොනුකළ පෙත්සම් නිශ්ප්‍රභා වෙයි!
1 min read
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) තීන්දු කළේය.
එම පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ විරෝධතා ගොනු කිරීම සදහා ලබාදුන් කාලසීමාව දින කිහිපයකින් ප්‍රමාද වීමය.
