January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩඩ්ලිට අනුරගෙන් උපරිම සැප!

1 min read

ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දා ගෙනැවිත් තිබූ, ලෝකයේ ඉතාම සීමිත පිරිසක් පමණක් භාවිතා කරන ”රෝල්ස් රොයිස්” වර්ගයේ අධික මිලකින යුක්ත කාර් රථය ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශාල දඩ මුදලකට ලක්වීමේ අවධානමෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම කාර් රථය ලංකාවට ගෙනැවිත් ඇත්තේ ගුවන් මගිණි. එය වරාය තුළ මාස 2ක පමණ කාලයක් රඳවා තබාගෙන තිබේ. එයට හේතු වී ඇත්තේ වාහනය ගෙන්වන ලද රටත්, ණය පහසුකම් (LC) නිකුත් කරන ලද රටත් දෙකක් වීම ය. ඒ අනුව, රේගුව විසින් 35%ක දඩ මුදලක් අය කිරීමට නීතිය අනුව පියවර ගෙන තිබේ.

මෙය දැනගත් වහාම ඩඩ්ලි සිරිසේන විසින් ජනාධිපති අනුර කුමාර දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ප්‍රශ්නය පවසා අදාළ දඩ මුදලෙන් ගැලවීමට සහයෝගය ඉල්ලා ඇත. එහිදී ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්ගෙන් මෙයට සහය විය හැකි ආකාරය විමසා තිබේ. ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන ලද අයකු බැවින් ඔහු පවසා ඇත්තේ නැවත වාහනය ප්‍රති – අපනයනය කර, නියමිත රටෙන්ම ”L.C. ඕපන් කර” යළි ගෙන්වන මෙන්ය.

ජනප්‍රිය පුවත්  ජනපති - ශානි කුමන්ත්‍රණය හෙලි වේ! නාමල් ඇතුළට

එම උපදේශය ලද වහාම තම අධික මිලකින් යුක්ත ”රෝල්ස් රොයිස්” රථය එංගලන්තයට යවා වෙනත් ආනයනකරුවකුගේ නමින් L.C පහසුකම ද එරටින් සිදුකර නැවත ලංකාවට ගෙන්වාගෙන තිබේ. එමගින් 35% ක දඩ මුදලින් ගැලවී ඇති ඩඩ්ලි සිරිසේන ලබාදුන් සහයෝගයට ජනාධිපති අනුර කුමාරට ස්තූති කර තිබේ.

”මගේ අයියගේ කාලෙවත් මට මෙහෙම සපෝට් එකක් තිබුණේ නෑ…” යනුවෙන් සිය මිතුරන් සමග පවසන ඩඩ්ලි සිරිසේන වත්මන් ආණ්ඩුව තමාගේම ආණ්ඩුවක් ලෙස සළකන බවද පවසයි.

තාරුකා පෙරේරා LankaUndergroundNews

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x