January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘ඩගී’ ගත්තේ ඉන්දියාවේ කීමට!

1 min read

ඉන්දීය විදේශ අමාත්‍ය ජෙයශංකර් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියළු සුළු ජාතික දේශපාලඥයන් මුණු ගැසුන ද, එම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහභාගී වී නොමැත. එකී හමුව සඳහා ඔහුට ආරාධනා ලැබී තිබුණ ද කුමන හෝ හේතුවක් මත ඔහු ඊට සහභාගීවීමෙන් වැළකී තිබේ.

අනුර කුමාර ආණ්ඩුව විසින් ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගනු ලබන්නේ මෙම සිදුවීමෙන් පසුව ය.

ඇතැම් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ආරාධනය නොසලකා හැරීම විසින් උදහසට ලක් වූ කොළඹ ඉන්දීය තානාපතිවරයා ඊට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපති අනුර කුමාර මගින් ඩග්ලස් දේවානන්දට එරෙහිව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි

රවිනාත් බළල්ල LankaUndergroundNews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x