October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.‍ෙපෙ. ගොවි නායකයාගේ බිරිඳටත් ලොකු ගිණුමක්!

1 min read

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ ගොවි වෘත්තීය සමිතියේ නායකයා වන නාමල් කරුණාරත්නගේ බිරිඳගේ ස්ථාවර ගිණුමක රුපියල් මිලියන 60ක මුදලක් පවතින බවත් ඇය මැලේගොඩ මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන බවත්, ඇයගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 66,000.00 පමණ වන අතර රුපියල් 100,000ක් ලෙස උපකල්පනය කළත් මෙතරම් මුදලක් ස්ථාවර තැන්පතුවක් ලෙස පවතින්නේ කෙසේද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

නාමල් කරුණාරත්න කිසිදු ව්‍යාපාරයක් හෝ රැකියාවක් සිදු නොකරන අතර ඔහු සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව දේශපාලනය කරනු අයකි. නිවසේ සියලු වියදම් දරන්නේ තම බිරිදගේ වැටුපෙන් බව ඔහු මීට පෙර තමා ජීවත්වන ආකාරය සම්බන්ධයෙන් කරුණු පවසා ඇත. එවන් තත්වයක් තුළ ඔහුගේ බිරිඳගේ වැටුපෙන් නිවසේ සියලු වියදම් පියවා මෙතරම් මුදලක් ස්ථාවර තැන්පතුවක් ලෙස පවතින්නේ කෙසේදැයි පැමිණිලි පාර්ශ්වය ප්‍රශ්න කරන අතර ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම මුදල් නාමල් කරුණාරත්නගේ මුදල් විය හැකි බවයි.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x