October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජපානයේදී ජනපති විකුණයි!

1 min read

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවුයෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට සහභාගීවීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක ජපානයේ ඕසකා නුවර බලා පිටත්ව ගියේය. එහිදී ජනාධිපතිවරයා ජපාන රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස හමුවන්නේ, සැප්තැම්බර් 04 සිට ඔක්තෝබර් 04 දක්වා පමණක් සිටින භාරකාර අගමැතිවරයා වය. එබදු හමුවීමකින් රටට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අවධාරණය කරයි.

මීට අමතරව, ටෝකියෝ නුවර විහාරස්ථානයක දී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද ජනාධිපතිවරයා යොදා ගෙන තිබේ. එය සංවිධානය කරනු ලබන්නේ ඩඩ්ලි සිරිසේනගේ බෑනා කෙනෙකු වන රාජපුත්‍ර, ව්‍යාපාරිකයකු වන සමන් ප්‍රියන්කර හා වාහන ව්‍යාපාරිකයකු වන රාමනායක යන තිදෙනා ය. මෙම රැස්වීම සඳහා 500 දෙනෙකුට සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා සහභාගීවීමට මුදල් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුව ඇත.

ජපානයේ වෙසෙන බහුතර ශ්‍රී ලාංකිකයන් පවසන්නේ, කිසිදු ජනාධිපතිවරයකු මීට පෙර එරෙට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමේදී මුදල් අයකර හමුවීමක් සිදු නොවී ඇති බවයි. මෙම ටිකට් පත අළෙවි කරනු ලබන්නේ ”ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට අධාර ලෙස පවසා ඇතත්, එම මුදල් ජනාධිපතිවරයාගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් යෙදවනු ඇති බව අප වෙත වාර්තා වී ඇත.

ටෝකියෝ සිට නැවතත් ඕසාකා වෙත පිටත්ව යන ජනාධිපතිවරයා එහි තිබෙන ජාත්‍යන්තර වෙළ‍ඳ ප්‍රදර්ශනයක් නැරඹිමට ද නියමිතය. මීට පෙර වසරවල දී මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකා රජයේ ආයතන කිහිපයක ප්‍රදර්ශන කුටි පැවතිය ද මෙවර එබදු එක් වෙළඳ කුටියක් හෝ නොමැති බව වාර්තා වේ. එබදු තත්වයක් යටතේ ජනාධිපතිවරයා ටෝකියෝ සිට ඕසකා බලා යන්නේ කුමන ප්‍රතිලාභයකට ද යන ප්‍රශ්නය විදේශ අමාත්‍යාංශ නිලධාරිහු මතුකර සිටිති. කෙසේ වෙතත්, එම ප්‍රදර්ශනය තුළ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපිරිකයෝ කිහිප දෙනෙක් තම තමන්ගේ වෙළඳ කුටි කුඩා පරිමාණයෙන් ප්‍රදර්ශනයට තබා තිබේ.

ඕසකා සිට නැවත් ටෝකියෝ නුවර බලා පැමිණෙන ජනාධිපතිවරයා එම නගරයේ සිට ශ්‍රී ලාංකාව බලා පැමිණීමට නියමිත බව වාර්තා වේ.

දසුන් එදිරිවීර – ජපානයේ underground විශේෂ වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x