ජපන් ලොකු නිසා! චීනෙට ගියේ නෑ!
1 min read
චීනයේ පැවති ෂැන්හයි කෝපරේෂන් ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නිරීක්ෂක රටක් ලෙස නියෝජනය නොකළේ ඇයිදැයි අද හතර (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීම් රැස්වීමේදී මාධ්‍යවේදියකු විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව හා ඉන් අනතුරුව ජපානයට යාමට ජනාධිපතිවරයාට සිදුව තිබෙන නිසා චීනයේ මෙම සමුළුවට සහභාගී නොවූ බවයි
එහෙත් කැබිනඩ් ප්‍රකාශකයා එම අදහස ප්‍රකාශයට පත් කිරීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කළේ ෂැන්හයි කෝපරේෂන් සමුළුවට ශ්‍රී ලංකාවට ආරාධනා නොලැබුණු බවයි. කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස නොදත් කරුණ නම් ෂැන්හයි කෝපරේෂන් සමුළුවට සහභාගී වූ රටවල් විසිතුනක පමණ වන රාජ්‍ය නායකයන් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ද සහභාගි වන බවයි. ඒ හේතු කරගෙන ඒ කිසිදු නායකයකු ෂැන්හයි කෝපරේෂන් සමුළුවට සහභාගි වීමෙන් වැළකී සිටියේ නැති බව නලින්ද ජයතිස්ස නොදැන සිටීම විහිළුවට කාරණයක් බව මාධ්‍යවේදීන් ගේ අදහස වී තිබේ.
තරිඳු පනාමුරේ underground වාර්තාකරු