ජනාධිපති බයවෙයි! රනිල්ගේ ගෝලයන්ට සුදු කොඩි ඔසවයි!
1 min read
ජනාධිපති අනුර කුමාර පසුගිය සතියට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට දුරකථනයෙන් අමතා තිබේ. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අප සියළු දෙනා එකට වැඩ කර ඇති බැවින්, එක්ව කටයුතු කිරීමේ හැකියාවක් නිර්මාණය වී තිබෙන බවයි.
බොහෝ කලක සිට අනුර කුමාර ජනාධිපතිවරයා සමීපව ඇසුරු කර ඇති මෙම ‘‘රනිල්ගේ ගෝලයා“ ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. විනාඩි 13කටත් වඩා මදක් වැඩි කාලයක් සිදු කෙරුණු එම දුරකථන සාකච්ඡාව නිමා කර ඇත්තේ, තමන් හමුවීමට පැමිණෙන ලෙසත් ඉන් පසුව වැදගත් කරුණු සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා විසින් අදාළ ලේකම්වරයාට පැවසීමෙන් අනතුරුවය.
ජනාධිපතිවරයාගේ මෙම හදිසි ‘‘සුදු කොඩි“ එසැවීමට හේතුව කුමක්දැයි සොයා බැලූ අපගේ ගවේශණ කණ්ඩායමට දැන ගැනීමට ලැබුණේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම තත්වයෙන් අත්මිදී පැමිණිමෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට නියමිතව තිබෙන විශේෂ ලිපිගොනුවක් පිළිබඳ අවුලක ජනාධිපතිවරයා පත්ව සිටින බවයි.
මෙම විශේෂ ලිපිගොනුව සමන් ඒකනායක ජනාධිපති ලේකම්ව සිටි සමයේ සකස් කරන ලද්දකි. එහි තිබී ඇත්තේ ජ.වි.පෙ. නායක අනුර කුමාර හා දැනට පොලීසිය භාර ඇමැතිවරයා ඇතුළු වත්මන් ජ.වි.පෙ. නායකයන් භුක්ති විඳි පහසුකම්, ඔවුන්ට ලබාදී ඇති මුදල් හා වෙනත් විශේෂ වරදාන පිළිබඳ තොරතුරු ය. යහපාලන ආණ්ඩු සමයේ රජය මගින් ලබා දී ඇති වරප්‍රසාද මෙහි සාක්ෂි සහිතව අන්තර්ගතව තිබේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමන් ඒකනායකගේ සුව දුක් විමසීමට රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය පසුව මාධ්‍යයට නිකුත් කරන ලද ප්‍රවෘත්තියේ වූයේ, හිටපු ජනාධිපතිවරයා සමන් ඒකනායක වෙතින් විශේෂ ලිපි ගොනුවක් පිළිබඳ විමසූ බව ය. එම විශේෂ ලිපි ගොනුව පිළිබඳ කතාව මාධ්‍ය මගින් ප්‍රචලිත වීමෙන් පසු ජනාධිපතිවරයා මෙම දුරකථන ඇමතුම රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හිතවතාට ලබා දී තිබේ. එම ලිපිගොනුවේ අන්තර්ගත කරුණූ අනාවර්ණය වුවහොත් එමගින් ජ.වි.පෙ. නිර්වස්ත්‍ර වන බව ඊට අදාළ ආරංචි මාර්ග පවසයි. මෙය, ජනාධිපතිධුරය දරන ලද සමයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමන් ඒකනායක විසින් ලබා දී අතත්, රනිල් වික්‍රමසිංහ එම අවස්ථාවේදී පවසා ඇත්තේ එම ලිපිගොනුව ආරක්ෂිතව තබාගන්නා ලෙස ය.
තිලක්ෂි විජේමුණි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
