October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිට මඩ ගසනවා යැයි චෝදනා කර ප්‍රමිෂ්කා සම්බන්ධයෙන් CID යට කරන ලද පැමිණිල්ලට මොකද වෙන්නේ?

1 min read

පසුගියදා CID යට ජනාධිපතිවරයා වෙනුවෙන් පැමිණිලි කළ නිලධාරියකු එක්තරා කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිවරයාට පෞද්ගලිකව අපහාස වන අයුරින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව සොයා බලා වහාම නීතියට අනුව පියවර ගන්නැයි කරන ලද පැමිණිල්ලට අනුව කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගැනීමට CID යට උපදෙස් ලැබී තිබේ.

එම පැමිණිල්ල රටට පේන්න දැමූ පැමිණිල්ලක් විනා සත්‍ය විමර්ශනයක් ඒ පිළිබඳව සිදු කර ගැනීමේ උවමනාවෙන් දමන ලද පැමිණිල්ලක් නොවන බව CID ප්‍රධානීන්ට ලැබුණ ඉහළ උපදෙස් වී තිබේ. එම උපදෙස් අනුව යමින් මේ කාන්තාව හා ජනාධිපති පිළිබඳව යම් යම් මත ලියැවුණු සමාජ මාධ්‍ය්‍ය ක්‍රියාකාරීන් හෝ වෙබ් රචකයන් කිසිවකු මේ දක්වා රහස් පොලීසියට කැඳවා නැතැයි පැවසේ. ඒය ජාම බේරා ගැනීමේ පැමිණිල්ලක් පමණක් මිස සත්‍ය පරීක්ෂණයක් සිදුවන අන්දමේ පරීක්ෂණයකට යොමු කෙරෙන පැමිණිල්ලක් නොවන බව ඒ අනුව අනාවරණය වේ.

UnderGround අභ්‍යන්තර තොරතුරු විමර්ශක 

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x