January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති හෙංචයියා ජනවාරියේ විගණකාධිපති ධුරයට!

1 min read

රටේ ආණ්ඩුව සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන වංචා දූෂණ සොයා බලන ප්‍රධානතම ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුව බවත් විගණාකාධිපති ධුරය පසුගිය අප්‍රේල් මස සිට මාස අටක් තිස්සේ හිස්ව පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ආදීන්ට විවිධ දූෂණ චෝදනා එල්ල වුව ද ඒ කිසිවෙකු විගණකාධිපති ධුරය සඳහා සිය හංචයියකු පත්කර ගැනීමට කටයුතු නොකළ බව ද ඔහු ප්‍රකාශ කරයි.

වර්තමාන ජනාධිපතිවරයා මාස අටක් තිස්සේ සිය හංචයියෙකු විගණකාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා අඛණ්ඩව සටන් කරන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය 76 වසරට වඩා දැවැන්ත වංචා මෙම ආණ්ඩුව යටතේ සිදු වූ නිසා බව ද ගම්මන්පිල සඳහන් කරයි.

දූෂණයට නැති දේශපාලකයන්ට නිලධාරීන්ට විගණකාධිපති කවුරු වුණත් අදාළ නොවන නමුත් වර්තමාන ජනාධිපතිවරයා ඒ පිළිබඳ බොහෝ සෙයින් කරදර වන බව ද ඔහු පෙන්වා දෙයි. කෙසේ වුව ද ජනවාරි 02 වෙනිදාට ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන සභිකයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වන හෙයින් අලුත් විගණකාධිපතිවරයෙකු පත්වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ජනප්‍රිය පුවත්  යටත් - විජිතගේ හුටප්පරය ගැන ජෙප්පෝ කැළඹෙති !

මෙම තනතුරු දැරූ ආචාර්ය ප්‍රතාප් රාමනුජාන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න ඉතාම ස්වාධීනව කටයුතු කළ විශිෂ්ටයන් බවත් එම තනතුරු වලට ජනවාරියේ කැලණි සගයන් පත්කරගෙන මාස අටක් තිස්සේ කරගත නොහැකි වූ තම හිතවතෙකු විගණකාධිපති ධුරය සඳහා පත්කරගනු ඇති බවත් උදය ගම්මන්පිල අවධාරණය කරයි.

උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළේ Lanka Voice අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x