ජනපති – බැසිල් සාකච්ඡා!
1 min read
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින බැසිල් රාජපක්ෂ හා ජනාධිපති අනුර කුමාර දුරකථනය ඔස්සේ දෙසතියකට පමණ වරක් සාකච්ඡා පවත්වන බව ජනාධිපතිවරයාගේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ දෙදෙනා අතර සමීපභාවය ඇති කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චංග් විසිණි. රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන කුමන චෝදනා එල්ල කළත්, බැසිල් රාජපක්ෂ එයට අයත් නොවන්නේ මේ සමීප හිතවත්කම නිසා බව පැවසේ.
ශිරන්ති රාජපක්ෂ ඉලක්ක කරගත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ද බැසිල්ගේ සමීප අවබෝධය මත බව පැවසේ.
ඉදිරි ප්‍රධාන මැතිවරණයට පෙර විපක්ෂයේ දේශපාලඥයන් ‘6’ දෙනෙකු උසාවිය මගින් වැරදිකරුවන් බවට පත්කර සිරගත කිරීම පිළිබඳව ද ජනාධිපති අනුර සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වී තිබේ. සෞඛ්‍ය ගැටලු පෙන්වා අධිකරණය මගහැර සිටින්නට බැසිල් ක්‍රියා කරනුයේ ජනාධිපතිවරයාගේ අවබෝධය මත බව ද අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දේ
තාරක බස්නායක
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
