March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෑස් බැස්සේ කොහොම ද?

1 min read

මෙරට ක්‍රියාත්මක ‘ලීට්‍රෝ‘ ගෑස් ඇතුළු ගෑස් සමාගම් සඳහා මීට පෙර ගෑස් සැපයීම සිදුකරනු ලැබුවේ ඕමානයේ සමාගමක් මගිණි. එය වසර 10ක් පුරා සිදුව තිබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව එම සමාගම වෙතින් ගෑස් ලබා ගැනීම නවතා නියමිත සුදුසුකම් සපුරා නැති Geo Gas නැමැති ස්විස්ට්ර්ලන්ත සමාගමකට ගෑස් සැපයුම ලබා දුනි.

එකල, විපක්ෂයේ දේශපාලනඥයන් විසින් මෙම වෙනස මගින් ගෑස් හිඟයක් ඇතිවන බව පෙන්වා දෙන ලදී. අතයට ගනුදෙනුව සඳහා සිදුකරන ලද මෙම ක්‍රියාව වර්තමාන ගෑස් හිඟට හේතු වී ඇත.

ඕමාන ගෑස් සමාගම දින 4කට වරක් ගෑස් පිරවූ නැවක් කොළඹට රැගෙන එන ලදී. එම ගෑස් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය මගින් වරාය සමීප මුහුදේ දී නිසි පරීක්ෂාවට ලක් කර තිබේ.

වත්මන් ආ ආණ්ඩුව විසින් තෝරා ගෙන ඇති ස්විස්ට්ර්ලන්යේ Geo Gas සමාගම තමන්ගේ ගෑස් එසේ පරීක්ෂාවට ලක් කිරීමේ කොන්දේසියට එකඟ වී නැත. එබැවින් අදාළ සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීම දිගින් දිගටම ප්‍රමාද වී තිබේ.

මේ තත්ත්වය හේතු කොටගෙන දින 4කට වරක් පැමිණිය යුතු ගෑස් සහිත නැව් සැපයුම බිඳ වැටී තිබේ. Geo Gas සමාගම ආසියාවේ කිසිදු රටකට ගෑස් සැපයීම සිදු නොකරන සමාගමකි.

ජනප්‍රිය පුවත්  කොළඹ සහ කළුතර වෙඩි තැබීම්! දෙදෙනෙක් මරුට!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x