ගාල්ල නගර සභාවේ අය වැයත් ආණ්ඩුව පරාදයි!
1 min read
ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය ලේඛණය ඊයේ(15) පරාජයට පත්විය.
නගරාධිපති සුනිල් ගමගේ අයවැය ලේඛණය සභාවට ඉදිරිපත් කළේය.
විපක්ෂය විසින් මෙම අය වැය ලේඛනය හුළං පිරවු බැලුම් බෝලයක් ලෙස හැදින්වූ අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රතුපාට බැලුම් බෝල පුපුරුවමින් අයවැයට විරෝධය පල කළහ.
