ගල්ගමුව සමුපකාර ඡන්දයෙනුත් මාලිමාව පරදා ඒකාබද්ධ විපක්ෂයට ජය
1 min read
ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තේරීම සඳහා පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී, ජාතික ජනබලවේගය (NPP) පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හිමිවූ නියෝජිත ආසන සංඛ්‍යාව 58ක් වන අතර, ජාතික ජනබලවේගයට හිමිවූ ගණන 42ක්.
ගල්ගමුව ආසනයේ මාලිමා ආණ්ඩුවේ සංවිධායකයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක වන්නේ ජොහාන් ප්‍රනාන්දු ය. ඔහු දැනට සිටිනුයේ රිමාන්ඩ් භාරයේ වීම විශේෂත්වයකි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
